Pages

Monday, October 29, 2012

දුක් බර සත්‍ය කතාවකි


ආදරය සහා දුක  


ආදරය අපි හැමදාම කතා කරන වචනේ.. ඉතින් ඒ වගේ තමයි නිර්මලිගේ ජිවිත කතාව කියවන කොට දුක වගේම ජිවිතේ හදා ගන්න අපිට හොද අත්වැලක්
ඉතින් ඔයාලත් කියවන්න නිර්මලිගේ ඇත්ත ජිවන කතාව සත්‍ය කතාවකි.සියළු නම් ගම් මනංකල්පිතය.
මම බදුල්ලේ ලස්සනම ලස්සන ගමකයි ඉපදුනේ. පවුලෙ හිටියෙ අම්මයි, තාත්තයි, අයියලා තුන්දෙනයි.. අපි ගමේ
ටිකක් වැඳගත් පවුලක්.. ඇත්තම කිව්වොත් තාත්තලා වලව්කකාරයො. අම්මලා ජීවත් වුණේ ඒ ලොකු කම හිතේ තියාගෙන. අම්මා ගුරුවරියක්. තාත්තා ජොබ් එකක් නම් කලේ නැහැ. ඒත් එයාට ඉඩම් තිබුණා. මට පුංචි කාලෙ ගැන ඒ හැටි ලොකු මතකයක් නැහැ. ඒත් මම දන්න කාලෙ ඉදන් අයියලා එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුණෙ නෑ. මම පුංචිම කාලෙ අම්මා මාව ඉස්කෝලෙ එක්ක ගියා. අවුරුදු දෙක විතර ඉදන්ම මම අම්මා එක්ක ඉස්ලෝකෙ ගියා. එයා හැමදාම උදේට මාව වඩාගෙන ඉස්කෝලෙට යනවා මට අද වගේ මතකයි. හවස පන්ති කරලා අම්මා මාව එක්කගෙන එනවා. මම ඉස්කෝලෙත් පහ වසර වෙනකන් ඉගෙනගත්තෙ අම්මගෙ ඉස්කෝලෙමයි. ඊට පස්සෙ මම වෙනත් පාසලකට යන්න වුණා. මට කලින් කිව්වා වගේ මට අයියලා තුන් දෙනෙක් ඉන්නවා. එයාලා ගියේ ඒ ඉස්කෝලෙ ඒ වෙනකොට. ඒත් ලොකුම අයිය ගොඩක් ලොකු කාලයක් ඉගෙනගත්තෙ නැහැ. ඒකට හේතුවක් තිබුණා. එයාට කතා කරන්න බැහැ.

කොහොම උනත් මට පුංචිකාලෙ මතකය දෙවනි අයියගෙ ගෑනු ළමයා ගැන. එයා එතකොට උසස්පෙළ කරනවා මට මතකයි. අක්කා කෙනෙක් එක්ක එයාගෙ සම්බන්ධයක් තිබුණා. එයා ඒවට උදව්වට ගත්තෙ මාව. මගේ අතේ කියන්න ඕන දේවල් කියලා යවනවා.. ඒ කාලෙ මට හරිහැටි නොතේරුණාට, පහුවෙනකොට මට තේරුනා එයාලා කොච්චර වැරදි දෙයක්ද මට කියලා කලේ කියලා. කොහොම උනත් ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් උනා. අයියා ඉස්කෝලෙන් අවුට් වෙලා එයාව මැරි කරන්න දැගලුවා. ඒත් අම්මලා කැමති වුණේ නෑ. පස්සෙ එයා කොළඹ ගියා. ටික කාලෙකින් සුදු අයියා (පොඩිම එක්කෙනා) එයත් ජොබ් එකක් හම්බවෙලා ගෙදරින් ගියා. ලොකු අයියා තාත්තගෙ දේවල් වලට උදව් වෙලා හිටියා. මම ඒ වෙනකොට සාමාන්‍ය පෙළ කරනවා. අයියලා එක්ක වගේම ගෙදර එක්කත් ලොකුවට බැඳිමක් මට හිතුණෙ නෑ. මගේ අම්මට ගෙදර ගැන මම ගැන හොයන්න වෙලාවක් තිබ්බෙ නෑ. ආදරේ නැතුව නෙමෙයි. ඕන කියන විදියට සල්ලි දෙනවා, ඕන ක්ලාස් එකකට යන්න දෙනවා. ඕනවට වඩා නිදහස තිබුණා. ඒත් හොයලා බැලුවෙ නෑ.. හ්ම්.... අම්මලට ඊට වඩා එයාලගෙ ඉස්කෝලෙ ලමයි ගැන ඉස්කෝලෙ ගැන ප්‍රශ්න තිබුණා හොයන්න. තාත්තා, අයියලා එයාලත් ඒ වගේමයි.


ඒ විදියට මම සාමාන්‍ය පෙළ ඉවරවෙලා ඉස්කෝලෙ කොම්පියුටර් ක්ලාස් එකකට ගියා. යාළුවො එක්ක නිකම්ම ගෙදර ඉන්න බැරි නිසා. තුෂාර හම්බවුණේ ඒ කාලෙදි. එයා ඉස්කෝලෙ ටිකක් කැපිලා පේන කෙනෙක්. හැබැයි එයාගෙ හොඳ වගේම ගොඩක් නරකත් තිබුණා. ඒත් මුලින්ම එයා මගේ හොඳ යාලුවෙක් වුණා. එයා ඒ වෙනකොට 13 වසරෙ. කොහොම හරි එයා මගෙන් අහලා මම කැමති වුණා. ඒත් එයා ගැන දවසින් දවස මට අහන්න ලැබුණෙ නරක දේවල් විතරයි. මම සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ වලට ඉස්කෝලෙට ආවා. එයා උසස් පෙළ ඉවරවෙලා ඉස්කෝලෙන් ගියා. එයා ඒ විභාගෙ ප්‍රථිපල එන්න කලින්ම ජොබ් එකකට ගිහින්. හොටෙල් එකක. ඉගෙනගන්න පුළුවන් වුණත් ගෙදර ප්‍රශ්න තිබිලා එයා ගියා. මම උසස් පෙළ කරලා ඉවර වුණා. අපි දෙන්නගෙ සම්බන්ධයත් ඒ විදියටම තිබුණා. ඒක ගෙදරින් දැනගෙන විරුද්ධ වුණා. ඒත් පොඩි කැමැත්තක් තිබුණා අම්මගෙ. ඒත් තුෂාර ඒ වෙනකොට හොටෙල් එකේ එක එක ප්‍රශ්න ආරංචි වුණා. නරක පැත්තෙන්, අපි දෙන්නා එක්ක කතා කරන්න ගිහින් ප්‍රශ්නයක් වෙලා එයා මාව අත් ඇරලා දැම්මා. ඒත් නිදහසේ ඉන්න දුන්නෙ නෑ. මම කොළඹ එන්නෙ ඉන් පස්සෙ. මම ආපහු උසස් පෙළ වලට රාජගිරිය ක්ලාස් ගියා. ඒත් මගේ ගැන හොයන්න බලන්න කවුරුවත් නෑ. අයියල හිටියෙත් රාජගිරියේ උනාට එයාලට එහෙම මං ගැන හොයලා බලන්න තරම් ලොකු උවමනාවක් තිබුණෙ නෑ. පස්සෙ මම උසස් පෙළ අතෑරලා දාලා Slit ගියා. එකත් ඒ මාස 8 ඉගෙනගෙන ඉවරවෙලා අතෑරලා දැම්මා. පස්සෙ මම නුවන් ග්‍රැෆ්‍රික් ගියා. ඒ කාලෙදි තමයි මට සමන් හම්බවුණේ. සමන් මම ගියක ්ලාස් එකේ ටීච් කලේ. මම ඒ කෝස් එක ඉවර කලාට පස්සෙ සමන් මාව නුවන් ග්‍රැෆික් එකේම වැඩට ගත්තා. ඒ අතරෙම මම මීඩියා ඩිප්ලෝමා එකක් කලා. ඒ වෙනකොටත් තුසර ඉදලා තිබුණෙ රජගිරියෙමයි . ආයෙ අපේ ගෙදරට කියලා එයා මට කතා කරන්න ගත්තා. ඒත් මම කැමති වුණේ නෑ.


ඒත් ගෙදරින් සමන් අදුනන්නෙ නෑ කියලා මුලින්ම අකමැති වුනා. ඒ කාලෙදි ලොකු තේරුමකුත් නෑ. සමන් මමයි එකම වයසෙ. අපිට තීරණයක් ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි අපි හිටියෙ. මම විස්තර සමන් ට කිව්වා. කොහොම හරි ඒ සම්බන්ධ නෙවත්තලා මම ඔක්කොම අත ඇරලා ගමේ ගියා. ඒකට හේතුව ගෙදරින් හැමදාම ආව ප්‍රශ්න. කොහොම හරි අම්මලා එයාලගෙ පවුලෙ නම්බුව ගැන කියලා මට තුෂාර හොදයි කියලා බදින්න කිව්වා. තුසහර ඒ වෙනකොට බිස්නස් එක්ක කලා. කොහොම හරි එයා ඇවිත් එයාගෙ ගෙදර අයත් එක්ක ඒසම්බන්ධය ගැන කතා කරලා මාව මැරි කලා.


මම එදා ගත්ත මෝඩ තීරණයක්. ගෙදරටවත් කාටවත් පොඩි කාලෙ ඉඳලම මං ගැන ගානක්වත් තිබ්බෙ නෑ. ඒත් සමන් මෙච්චර පස්සෙන් එන්න ඇත්තටම මට ආදරේ කියලා මට හිතුණා. අපි මැරි කරලා රාජගිරියට ආවා. මොකද එයා හිටියෙ රාජගිරියේ . එයාලගෙ අම්මලගෙ බලාපොරොත්තුවක් වුණා මට ගෙදරින් ගොඩක් ලොකු දෑවැද්දක් ලැබෙයි කියලා. ඒත් සල්ලි ටිකක් ඇරෙන්න අම්මලා ලොකුවට කිසිම දෙයක් දෙන්න උවමනාවක් කලෙත් නෑ. එහෙම බලාපොරොත්තු වුණෙත් මම. කොහොම හරි ඒ සල්ලි වලන් අපි ඉඩමක් ගත්තා. ඒකට තුෂාර කැමති වුණේ නෑ දෙන්නගෙ නමට ගන්න. එයා ඒක එයාගෙ අම්මට ගත්තා. මම එච්චර දුර හිතුවෙ නෑ. පස්සෙ ටික කාලකෙින් සමන් ගෙ අමුතු හැසිරීම් තිබ්බා. එකපාර එයාට සල්ලි නැති වුණා. ක්ලබ් ගිහින් එයා නැතිවෙන්න ගත්තා. මම කිව්වත් මට ඒ ගැන අන්න දුන්නෙ නෑ. එයා මටත් කතා කරා. ඒත ්මම ගියේ නෑ. ඒත් එයා ගෙදරට ගෙනැල්ලා මට බොන්න පුරුදු කලා. පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරලා මාව එයාට ඕන ගානට ගන්න ට්‍රයි කලා. ක්ලබ් නොගියට එයා යාලුවො එක්ක යනකොට මාවත් එක්ක යනවා. මම වැටෙනකම් බොන්න පුරුදු වුණා. නොබීපු දෙයක් නෑ. ජීවිතේ එපාම වුණ කාලයක්. වෙන කෙල්ලොත් හිටියා. මට ජීවිතේ එපාව කෙරෙව්වා. එක මගේ උපන්දිනයක් දවසෙ මට ෆිල්ම් එකක් බලන්න යන්න කතා කලා. තව ගෑනු දෙන්නෙක් එක්ක. තව එයාගෙ යාලුවෙකුත් ආවා. එදා එයාලා මහ පාර මැද්දෙ හැසිරුනේ මහ රෑ අන්තිම නරක විදියට. වැල්ලවත්තෙ සැවෝයි එක ගාව මහ රෑ ගෑනු දෙන්නයි යාලුවයි ඉන්දිකයි සිගරට් බීව්වා. මට ලොකු අමුත්තක් දැනුණා. ඒ වෙලාවෙ ඒ වෙලාවෙ මට ඇඬුනා. ඒත් මාව ගණන් නොගෙන හිටියා. ඒත් එයාලා කොහෙදෝ යන්න කතා වුණා.මට බෑ මට ගෙදර යන්න ඕන කිව්වම එයාලා කිව්වා බැරිනම් යන්න අපි යනවා කියලා. මම වැල්ලවත්ත ඉඳන් තනියෙම රාජගිරියට ආවා. එදා තුෂාර ගෙදර ආවෙ පාන්දර හතරට විතර. එදා මම එලිවෙනකන් ඇඩුවා මතකයි. එදයින් පස්සෙ මම තීරණය කලා ඒ ජරා ජීවිතෙන් මම අයින් වෙනවා කියලා. එයා හැදුවෙ මාවත් ජරා තැනකට ගන්න. පස්සෙ මම ගොඩක් වෙනස් වුණා. මම පාඩුවෙ ඉන්න ට්‍රය් කලා. ආයෙ ජොබ් එකක කලා. තුෂාර ඒ කාලෙ හොඳට සල්ලි තිබුණා. එයා හිටියෙ අමුතුම ලෝකෙක. ඒත් අම්මලට, පවුලට ලැජ්ජාවක් වෙන්න බැරි නිසා මම මගේ පවුල හදාගන්න ගොඩක් ට්‍රයි කලා. එහෙම ඉද්දි මම ප්‍රෙග්නන්ට් වුණා. අම්මලා මාව මාස 7කින් විතර ගෙදර එක්ක ගියා.ඒ වෙනකොට මගේ අයියත් මැරි කරලා බබෙක් හිටියා. පස්සෙ මට දුව හම්බවුණා. එයා හම්බවෙන කාලෙදිවත් තුසහර ඕනට වඩා ආවෙ නැහැ බලන්න. හැම වියදමක්ම වගේ අම්මලත් කලා. එයාලගෙ ගෙදරිනුත් ගොඩක් වෙනස්මක් කලා තුසහරගේ අම්මා. තුසරට හිටියෙ එයයි අක්කයි.


එයාලත් හැරි කරලා. අයියට බබාලා හිටියෙ නැ. මට බබා හම්බවෙන්න ඉන්න කාලෙ තුසාර ගැන ගොඩක් නරක ආරංචි ආවා. එයා ක්ලබ් යනවා, ගෑණු ඉන්නවා ගොඩක් දේවල්.. මම වැඩිය කතා කලේවත් නැහැ. කොහොම හරි එක දවසක් ගෙදර ආවම එයාගෙ ෆෝන් එකට ගර්ල් කෙනෙක් කෝල් කලා. ෆෝන් එක ගත්තෙ මම. එදා මම දැනගත්තා ඒවයි ඇත්තක් තියෙනවා කියලා. ඒත් මම ගොඩක් ඉවසුවා. දුවට මාස හතරක් වුණා අප්‍රේල් මාසෙ, අවුරුදු දවසෙ. එයා යාලුවො ගොඩක් එක්ක අපේ ගෙදර ආවා. පාටි දාලා බීලා එයාගෙ අම්මත් ආවා. ඇවිල්ලා අයියට ලමයි නැති නිසා මගෙන් ලමයා ඉල්ලුවා. ඔයාලා අතර ප්‍රශ්නනේ, ළමයා අයියට දෙන්න හදාගන්න කියලා. ලොකු ප්‍රශ්නයක් ඇතිකලා. මට මිනිස්සුන්ව එපාවුනා එදා. ඒ හැමෝම ගැන ලොකු වෛරයක් ඇතිවුණා. අම්මකෙනෙකුගෙන් කවදාවත් ලමයෙක් උදුරගන්න තරම් අමානුශික වෙන්න හොද නෑ. තුසර මට යන්න කතාකලා කොළඹ.




ඒත් අපේ ගෙදරින් මාව යවන්න කැමති වුනේ නෑ. තුෂාර රාජගිරියේ ගෙදර හිටියෙ එයාගෙ යාලුවො දෙන්නෙක් එක්ක. මට එන්න බෑ කිව්වම එදා ඒ යාලුවො එක්ක මට බැනලා බැනලා ආවා. එදා එයා කිව්වා උඹ ඕන නෑ මට රුපියල් දාහට ඕන තරම් ගෑනු ඉන්නවා කියලා. මම හොදටම ඇඬුවා. මට ඒ වෙලාවෙ සිහිය නැතිවෙලා තිබුණා. එදා තමා අම්මල තුෂාර එපා වුනේ. මම කවදාවත් ගෙදරට මගේ දුක පෙන්නුවෙ නෑ. කොහොම උනත් අයියලවත් තුසරට මුකුත් කියන්න ගියේ නෑ. ඒත් මාසෙකට පස්සෙ ම ආපහු කොළඹ ආවා. ඉන් පස්සෙ මම දුව බලාගෙන හිටියා. තුෂාර ටික දවසක් හොදින් හිටියා. ඒ වෙනකොට එයා ගොඩක් තිබ්බ සල්ලි නාස්තිකරගෙන හිටියෙ. ගන්න දෙයක් තිබ්බෙ නෑ. අන්තිමට එයාගෙ යාලුවො දෙන්නා ගෙදර හිටියනේ. එක යාලුවෙක් මට කැත යෝජනාවක් ගෙනාවා. එයාගෙ හොදම යාලුවා. මම ඒක තුෂාරට කිව්වා. අන්තිමට ඉන්නික ඒකට එයාලව ගෙදරින් යැව්වා. පස්සෙ එයා නැත්තට නැති වුණාම හොටෙල් එකක ජොබ් එකක් කලා. ඒ කාලෙ ලොකුවට නැති වුණත් අපි අතර ප්‍රශ්න තිබුනා. ඒත් මම ගොඩක් පාඩුවෙ හිටියා දුව එක්ක. තුෂාරගේ ගෙදරින් හැමදාම ප්‍රශ්න ගෙනාවා. එයාලා හරිම අමුතුයි. කොහොම හරි කාලෙත් එක්ක රාජගිරියේ ඉන්නෙ නැතුව කොටුවෙ අරන් ආපු ඉඩම් කෑල්ලෙ ගෙයක් හදන්න හිතාගෙන අපි කොටුවට ආවා. ඒත් ගවෙල් හදන්න නෙමෙයි ජීවත් වුණෙත් ගොඩක් අමාරුවෙන්. එයා නැත්තටම නැතිවුණා. අපේ ගෙදරින් අම්මා මාසෙකට ගානක් එව්වා. තුසරට ගන්න ගාන මදි වුනා. පස්සෙ මම ඇදුම් මහලා ෂොප් වලට දැම්මා. පොඩි බබාලත් බලාගන්න මම රෑ එලිවෙනකම් ඇදුම් මැහුවා. කවදාවත් එහෙම ජීවිතයක් ගෙවන්න මම හිතුවෙ නෑ. ඒත් මම මගේ පවුල රැකගන්න ගොඩක් මහන්සි වුණා. ඒත් බැරිම උනා. අන්තිමට තුෂාරට b රට යන්න හම්බවුණා. ඒකට සල්ලි තිබුණෙ නෑ. සල්ලි දුන්නෙ අපේ අම්මා. හැබැයි ණයට. ඒකෙන් එයා දැනට අවුරුදු හතරකට කලින් ලංකාවෙන් ගියා. මලේ එයා යනකොට දෝනිට අවුරුදු දෙකයි මාස අටක් විතර ඇති. එදා ඉදන් ටික කාලයක් මම මගේ ගෙදර ගිහින් හිටියා.අවුරුදු දෙකක් විතර. ගම කොච්චර ලස්සන වුණත් මෙහෙට හුරුවෙලා හිටිය නිසා ගමේ ගිහින් ඉන්න අමාරු වුණා. කොහොම වුනත් මම ගෙදරටම වෙලා හිටියා. ඒ ඉන්න කාලෙදි අවුරුද්දක් විතර සමන් කරපු ජොබ් එකේ ලොකු පඩියක් ලැබුනෙ නැති උනත් එයා එවපු හැම සතේකින්ම මම එයා මෙහේ වුණ හැම ණයක්ම ගේවවා. එයා එවන ස්ලලි වලින් කන්න බොන්නවත් මම වියදම් කලේ නෑ. ටික කාලෙකින් එයාට හොද ජොබ් එකක් හොද සැලරියක් එක්ක ලැබුණා. ඒ ලැබෙනකොට එහෙට හුරුවෙනකොට එයාට ආයෙත් පරණ ජීවිතේ ඕන වුණා. ටිකෙන් ටික කතා කරන එක අඩු කලා. පස්සෙ මම FB එකෙන්දැක්කා එයාගෙ ෆොටෝස්. ඒත් ඒවා සාමන්‍ය දේවල් නිසා මම වැඩිය හෙව්වෙ නෑ. ඒත් මට වෙනසක් තේරුණා. කොහොම වුණත් දුවට අවුරුදු හයක් වෙනකම් ප්‍රශ්න මැද්දෙ මම ඔහේ ජීවත් වුණා. ඒ අතරෙ එකපාරක් ඉන්දික ඇවිත් ලංකාවට. ඉන්පස්සෙ දුව ඉස්කෝලෙ දාන්න මම ගොඩක් මහන්සි වුණා. ඒත් ඉස්කෝල හම්බවුණේ නෑ. දුවගෙ පදිංචි හැමදේම තිබුණෙ රාජගිරිය ඒත් ලකුණු මදි වුණා. අන්තිමට මම මගේ පන්තියෙ එකට හිටිය යාලුවෙක්ගෙන් සල්ලි වගයක් පොලීයට අරගෙන අතේ තිබ්බ සල්ලිත් එක්ක දරුවා රාජගිරිය ප්‍රයිවර්ට් ස්කූල් එකකට දැම්මා. මම පස්සෙ දරුවත් එක්ක මගේ යාලුවෙකුගේ ගෙදර හිටියෙ. යාලුවට හිටියෙ දුවලා තුනක්. එයාලා මට මගේ අයියලා තුන්දෙනාට වඩා ලඟින් හිටියා. හැම දුකකදිම කරදරයකදිම හොයලා බැලුවා.

ඒත් ටික කාලයක් හිටියට හැමදාම ඉන්න එක සුදුසු නැහැ කියලත් මට හිතෙන වෙලාවල් ආවා. එහෙම ඉදලා මම යාළුවගේ ගෙවල් පැත්තෙන්ම ගෙයක් ගත්තා රෙන්ට් එකට. ඒ අතරෙ මට මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් ජොබ් එකක් හම්බවුණා. ජොබ් එකක් ලැබුණා ඒක නිසා මගේ කාලය යනවා මට වැඩිය දැනුණෙ නෑ. ඒ වගේම මගේ දුවට හොද ඉස්කෝලයකුත් හම්බවුණා මගේ යාළුවගේ උදව්වෙන්. ඒ ඉන්න කාලෙදිත් මට ගොඩක් දේවල් FB එකෙන් තුෂාරගෙන් අහන්න දකින්න ලැබුනා. කොහොම උනත් ලොකුවට විස්වාස කරන් දෙයක් මට තිබ්බෙ. ඒත් නිතර අපි අතර ප්‍රශ්න තිබුණා. එයාට සල්ලි අතට එනකොට එයාගෙ අම්මා තාත්තා පවා අමතකයි. එහෙම කාලයක් ගියා මොකක් හරි ප්‍රශ්නයක් හැමදාම ආවා. තුෂාර වැකේෂන් ආවා දවස් විස්සකට. ඇවිත් එයා ආයෙම ගියා. ආව දවස් වල එයාගෙ ලැප් එකේ මම ෆොටෝස් දැක්කා. ඒත් මම රණ්ඩු වුණේ නෑ. මම ඒවා විඳ දරාගෙන හිටියා.


දරුවා ඉස්සර ප්‍රශ්න කතා කරන්න මට බෑ විශේෂයෙන්. ඒත් මම ගොඩක් දේවල් හිතේ හිරකරගෙන හිටියා. එයා අාපහු ගියා. මාසයක් විතර යනකොට මට නිතර හුස්මගන්න අමාරු ගතියක් වගේ තිබුණා. ඒත් මම ගණන් ගත්තෙ නෑ. ඒත් ටික දවසක් පපුප රිදෙනන් වගේ ගත්තා. පස්සෙ ඩොක්ටර්ට පෙන්නුවාම හෙටම Cardiologist කෙනෙක්ට පෙන්නන්න කිව්වා. හාර්ට් එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් වෙනස් වගේ කියලා. ඒත් මම වැඩිය ගණන් ගත්තෙ නෑ. පස්සමෙම දුවත් එක්ක තනියෙම ඩොක්ටර් චැනල් කරලා හවස ගියා. ගියාම ECO එකක් කලා. එතනදි දුවත් මගේ ලග හිටියා. එයා එක වසරෙ හරිම පොඩියි. ඒත් එයා මට ගොඩක් ආදරෙයි. එයා බයයි මම මැරුණොත් එයාට කවුරුවත් නෑ කියලා. මේක කියද්දිත් මට ඒක ගැන මතක් වෙලා ඇඬෙනවා. ඩොක්ටර් එච්චරම හිතන්නෙ නැතුව ඇති ඩොක්ටර් කිව්වා ඔයාගෙ හාර්ට් එකේ සිදුරක් තියෙනවා කියලා. ටෙස්ට් එකක් කරන්න ජෙනරල් හොස්පිට්ල් එකට එන්න කැමරා එකක් යවලා බලන්න ඕන කියලා. එතකොට ප්‍රශ්න එන්නෙ මට විතරමද කියලා හිතුණා.මම මැරෙයි කියන බයට වඩා මගේ දෝණි ගැන දුක හිතුනා මට. එයා එතන හොඳටම කෑගැහලා ඇඩුවා. එතකොටම එතන මම එයා එක්ක තනියෙම ඇඩුවා.


හරියටම රෑ අටට විතර මහ පාර මැද්දෙ මම එයා එක්ක අඩ අඩ වීල් එකකට නැගලා ගෙදර ආවා. මම මේක කාටද කියන්නෙ කියලා හිතාගන්න මට බැරිව හිටියෙ. ඒත් හැමදේම වගේ මම අම්මට කිව්වා. අම්මත් හොදටම ඇඩුවා. මම ගෙදරට එනකොට පුංචි ගෙදර ඇවිත් හිටියා. පහුවෙනිදා උදෙන්ම අම්මලා ආවා ඊලග දවසෙම තුෂාර ආවා. මොනා උනත් ඒ වෙලාවෙ එයා ලොකු හයියක් වුණා. ඒත් මම දන්නෙ නෑ කොහොම හරි මම ඊළග දවසෙ හොස්පිටල් ගියා. කැමරා එකක් කට ඇතුලෙන් යවලා බැලුවා. එතනදි දැනගත්තා මගේ හාට් එක සිදුරක් තියෙනවා කියලා. ඒකත් තියෙන්නෙ ලේසියෙන් වහන්න බැරි තැනක. කපාටයක් ලග. ඒ වගේම හාට් එකේ එක පැත්තක් ඒ ප්‍රශ්නෙ හින්දම ලොකු වෙලා කිව්වා. මම දන්නෙ නෑ ඒ වෙලාවෙ මට හිතාගන්න බැරි වේදනාවක් දුකක් දැනුනා. පස්සෙ මම හිත හයිය කරගත්තා. මැරෙන්න තියෙනවා නම් මැරෙන එක නවත්තන්න බැහැ කියලා මම හිත හදාගත්තා. මම ඔපරේෂන් එක මාසයක් ඇතුලත කරන්න ඩොක්ටර් දින දුන්නා. ඒ වෙලාවෙ මගේ ලගින් අම්මා හිටියා. අයියලා, තාත්තා හැමෝම හිටියා. හැමෝම උධව් කලා. ඒත් තුෂාරගේ ගෙරදින් කීවෙ ඕක උපතින්ම එන ලෙඩක් ඒ කාලෙ ඇයි බැලුවෙ නැත්තෙ කියලා. ඒ මිනිස්සුන්ගෙ හැටි කොහොම උනත් තුෂාර ආපහු ගියා මාසෙකින් එන්නම් කියලා.


එයාට එහේ යාලුවො සල්ලි එකතු කරලා දීලා තිබුණා. යාලුවන්ගෙන් ණයත් අරගෙන තිබුණා මගේ ගෙදර අයත් ලක්ෂ දෙකකට වැඩියෙන් දුන්නා. මගේ යාලුවොත් එයාලට පුළුවන් විදියෙන්ම මට උදව් කලා. කොහොම හරි මාසෙකින් තුෂාර ආවා. මගේ ඔපරේෂන් එකට ගියා ලක්ෂ පහක්. සල්ලි බැඳලා මාව නවලෝකෙ නවැත්තුවා. එදා මගේ දුව ගොඩක් ඇඩුවා. එයා මාව මතක් කරකර අඩනවා. එයා බයවුණා මම මැරෙයි කියලා. ජීවිතේ කවදාවත් නොහිතපු දෙයක් ඒක. ඒක ලොකු අත්දැකීමක්. වචනවලින් විස්තර කරන්න බෑ. අවුරුදු 28දි මට හැමදේම වෙයි කියලා මම හිතුවෙ නෑ. ඒත් ඩොක්ටර්ස්ලා කිව්වෙ මම ගොඩක් වාසනාවන්තයි. මගේ බබාලගෙ වාසනාව කියලා. බබෙක් හම්බවෙන්න තරම් ඒ වගේ දෙයක් තියෙද්දි වාසනාවක් තිබුණා කියන්නෙ. නැත්නම් මම මැරෙන්න තිබුණෙ ප්‍රෙග්නන්ට් වෙච්ච වෙලාවෙලු.. බබාගෙ පින නිසා මට මොකුත්ම උනේ නෑ කියලා එයාලා කිව්වා. හරියටම හවස හතරට මාව Teeter එකට ඇතුල් කලා. ඒ වෙලාවෙ කිසිම කෙනෙකුට ලගට යන්න එපා කිව්වා. ඒත් තුෂාර මට එතන ඉඳන් අත වනනවා මට මතකයි. මම ආයෙ එන්න වෙන එක්ක නෑ කියලා හිතාගෙන මගේ දුව මතක් කරන්න පටන්ගත්තා. මට නින්ද යනවා විතරයි මට මතක.


කවුරු හරි දිවුගෙ නම ඇහුවා. ඒ එක්කම ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඊට වඩා දෙයක් මම දන්නෙ නෑ. මට ආපහු ඇහැරුණා. මම හිතුවෙ මොකුත්ම තාම කරලා නෑ කියලා. ඒත් මට හෙලවෙන්නවත් බෑ ඩොක්ටර් කෙනෙක් එතකොට තමයි කිව්වෙ ඔයාගෙ ඔපරේෂන් එක ඉවරයි ඇස් ඇරලා ඉන්න දැන් වෙලාව පාන්දර හතරයි කියලා. මට සිහිය ඇවිත් තියෙන්නෙ පැය 12කට පස්සෙ. මගේ කට ඇතුලෙන් පෙනහලු වලට බට දාලා තිබුණා. ඒක ගිලෙනවා වගේ විදගෙන ඉන්න ගොඩක් අමාරු වුණා. ඒ හැමදේම ටික ටික අයින් කලා. මම ICU එකේ දවස් දෙකක් හිටියා. ඒත් දුව බලන්න ආස උනත් මම ඉන්නවා දැකලා එයා බයවෙන නිසා එක්ක ආවෙ නෑ. අම්මා තුෂාර මාව බලන්න ආවා. දුව මට ලියලා එවලා තිබුණා" අම්මෙ මම ඔයාට ආදරෙයි මට පාලුයි කියලා." මට ඒක ඈත ඉඳන් පෙන්නුවා. මොකද මගේ ලඟට කාටවත් එන්න එපා කියලයි තිබ්බෙ. විශබීජ යයි කියලා. ඒ වෙලාවෙ එතන හිටියා හැමෝටම දුක හිතුනා මාව දැකලා. මාව බලාගත්තු සිස්ටර් මට හොඳට මතකයි ඇත්තටම ඒක එයාලා හුගක් ආදරෙන් කරනවා. හාට් පේශන් කෙනෙකුට ඒ වගේ කරුණාවෙන් ආදරෙන් ඒ කරන දේ ලොකු පිණක්. දවස් දෙකක් ICU ඉදලා රූම් එකට දැම්මා. ඉන්පස්සෙ මට ඇවිදින්න නැගිටින්න කිව්වා. අත් දෙකේ වාරුවක් නැතුව නැගිටින්න ගොඩක් අමාරුයි. මම කැක්කුම හැදිලා කෑගැහුවා. ඒත් කෑ ගහන්නවත් බෑ. ඒ වේදනාව දරාගෙන ඉන්න අමාරුයි. දවස් දෙකක් යනකොට ටිකක් ගාණක් නැති වුණා. ඒත් මාව බලන්න වැඩි දෙනෙකුට එන්න දෙන්න එපා කියලා ඩොක්ටර් කියලා තිබුණා. මගේ නෑදෑයො එනවට තුෂාර ගොඩක් අකමැති වුණා. මොකද එයාගෙ කවුරුවත් ආවෙත් නැති නිසා. ඒත් එයාගෙ යාලුවෙක් ආවම මම ඇහුවා ඇයි එහෙනම් එයා කියලා ඒ වෙලාවෙත් තුෂාර මාත් එක්ක රණ්ඩු කලා. මට ජීවිතේ අමතක නොවන දෙයක් එයා කිව්වා.


තමුසෙ අද ජීවත් වෙන්නෙ මගේ සල්ලි වලින් කරපු ඔපරේෂන් එකන් කියලා. මට ඇඬුනා. මම කිව්වා මම කිව්වෙ නෑනේ කියලා. මම බෑ කියද්දි ඔයාලමනේ මේක කලේ. මීට වඩා හොදයි මැරෙන්න දුන්නා නම් කිව්වා. එතකොට මට එයා කලකිරුණා. ඒත් මම රණ්ඩුව දුර අරන් ගියේ නෑ. පස්සෙ මම දවස් දහයක් හොස්පිට්ල් ඉඳලා ගෙදර ආවා. එන දවසෙ ඩොක්ටර් කිව්වා මට වැඩිය අඩන්න මහන්සිවෙන්න හාට් එක හයියෙන් ගැහෙන්න දෙයක් කරන්න එපා කියලා. කොහොම හරි මම හොස්පිට්ල් එකේ ඉද්දි මම දැක්කා තුෂාර ලැප් එකේ FB ලොග් වෙලා මම බලද්දි ඒකෙ එක ගෑනු කෙනෙක් ලොග් වෙලා සයින් අවුට් වෙලා තිබුණෙ නෑ. ස්කයිප් ලොග් වෙද්දි ඒකත් එහෙමයි. මම මුලදිත් දැක්කා ගොඩක් දේවල් ෆොටෝ ඒ ගෑනු ලමයගෙ. ඒත් මම රණ්ඩු වුණේ නෑ. පස්සෙ ටික දවසකින් එයා ආපහු ගියා. මාස දෙකක් අම්මා මාව බලාගෙන මෙහේ හිටියා. ඉන් පස්සෙ අම්මා ආපහු ගමේ ගියා. මම ආයෙ තනි වුණා. මම ආපහු වැඩට ගියා.


කාලෙ එහෙම ගෙවිලා යද්දිඉස්සර වගේම ඉන්දික සල්ලි වලට ප්‍රශ්න දැම්මා. එවන්න වෙන්නෙ නෑ, ණය තියෙනවා..හැමදාම මොනවා හරි කිව්වා. එවන ගාණෙන් පුලුවන් විදියෙන් ඉන්න කිව්වා. ඒත් මට අම්මලාත් උදව් කලා. මගේ ජොබ් එකෙත් හරියට ප්‍රශ්න තිබ්බා. එතන ඇතුලෙ ප්‍රශ්න නිසා මම එකෙන් අයින් වුණා. මම දැනගෙන හිටියා ඉන්දික FB එකක් කරනවා දරුවගෙ නමින් හදාගෙන. මම ඒකෙ Mail එක Password එක දැනගෙන හිටියා. ඒකෙන් එයාගෙ යාලුවො මම එයාගෙ වයිෆ් කියලා දැනගෙන හිටියා. එක්කෙනක් මට මැසේජ් එකක් එවලා තිබුණා ගර්ල් කෙනෙක්. ඒකෙ තිබුණෙ මෙයා මෙහේ වෙනින් සම්බන්ධයක් තියෙනවා.. ඒ නිසා ලංකාවට ගෙන්න ගන්න කියලා.. මම ඒක කිව්වම එයා මට අයින් වෙන්න කිව්වා. එයත් අයින් වුණා. මට FB යන්න ඕනනම් වෙන නමකින් යන්න කිව්වා. ඒත් මට හොර වැඩ කරන්නැත්නම් මම බයවෙලා ඉන්නෙ ඇයි. මමත් එහෙම හිතුවා. ඇයි මිනිස්සු මේ තරම් ජරා වැඩ කර්නනෙ. කොහොම උණත් පස්සෙ මෙහේ ඉන්න අයගෙ සමහර යාලුවොත් එයා මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගෙන මටත් කිව්වා ලංකාවට ගෙන්නගන්න කියලා. ඒ ආවත් එයා ආපහු කරන්නෙම මා එක්ක ප්‍රශ්න ඇතිකරගන්න එක. අද එයා එහේ හොඳට ඉන්නවා. හොද සැලරියක් එක්ක. ඒත් එයා ගන්න සැලරියෙන් 5න් 1ක් වත් එයා මට එවන්නෙ නැහැ. මම ඒ මොකද කියලා ඇහුවත් කියන්නෙ මගේ ඔපරේෂන් එකට ගත්ත ණය ගෙවනවා කියලා. මගේ ඔපරේෂන් එකට එයා අතින් ලක්ෂ පහක් වියදම් වුණත් දැන් ගෙවන්න කාලෙ හරි. මොකද දැන් මගේ ඔපරේෂන් එක කරලා අවුරුද්දයි මාසයක්. ඒත් මම අහන්නෙ නෑ. මට මේ ජීවිතේ කිසිම තේරුමක් නෑ. දෙසැම්බර් වල එයාගෙ වැකේෂන් එක. එත් එයාට මාසයක් නිවාඩු තියෙනවා. ඒත් දවස් දහයකට එනවා නැත්නම් වැඩ පාඩුවෙනවා කියලා කිව්වා. ඇත්තටම මම කරන්න ඕන මොනවද කියලා තේරුම් ගන්න බෑ. අපි නීතියෙන් බැඳිමක් හදාගත්තට ඒක හිත ඇතුලෙන් එපාවෙලා ඉන්නෙ. හැමදාම දුකක් විතරයි. ඒත් මම ගොඩක් ඉවසුවා. ඒත් දැන් මේ ජීවිතේ තේරුමක් නැතුව ගෙවිලා යනවා. එයා තව අවුරුදු හයක්වත් එහේ ඉන්නවලු. ඒකට හේතු ඕනතරම් එයාට කියන්න තියෙනවා. ඇත්තටම ඒ ජීවිතේ ඒ හැමදේම එයාම මට එපා කෙරෙව්වා. එයා ගැන මගේ හිතේ ආදරයක් නැත්තටම නැති කරලා. ඒත් මට අයින් වෙන්න ඕන නෑ. ඒත් මට ඉන්න ඕනෙත් නෑ. කවදාවත් මම සල්ලි පස්සෙ ආවෙ නෑ. මට පුංචි කාලෙ ඉඳන් ඕන ආරක්ෂාව, ආදරය ලැබුණෙ නැහැ. බැන්දට පස්සෙ ලැබෙයි කියලා හිතුවත් ඊට අන්ත විදියට මම වැටුණා. මගේ ජීවිතේ මේ විදියට ඉවරවෙලා යද්දි ඉස්සරහක් ගැන බලාපොරොත්තුවක් නැතුව කාගෙවත් ආදරයක් නැතුව හිතේ සතුටක් නැතුව මේ හැමදේම නැතිකරගෙන මම ගොඩක් හිතින් විදවනවා. අදටත් විදවනවා. මේ හැම බැඳීමකින්ම මම ඈත්වෙලා ගොඩක් කල්. මේ චූටි දුව නැත්නම්, මම අද එයා වෙනුවෙන් හැමදේම හිතින් විඳදරාගෙන ඉන්නවා. ඒත් ඉස්සරහට මට මොනවා වෙයිද කියලා මම දන්නෙ නෑ.
සත්‍ය කතාවකි.සියළු නම් ගම් මනංකල්පිතය.

No comments:

Post a Comment

 

Sample text

Sample Text