Pages

Monday, October 29, 2012

Rasi perera


මරණය සමග

Rasi perera


අම්මා 

Rasi perera



මා නෙතු හඩවා 

ආදරේ සොදුරු ගිමන් හළ


මගේ ආදරේ 

සිංහල නිසදැස්,


දුපත් ආදරේ 

බුදු හාමුදුරුවෝ



පෝදා ඝන්ඨ නාදය ගමට එලිය දෙයි 
අම්මා සිල් සුවය සොයා වෙහෙරට ඇදුනයි
මල් සුවදින් සුවඳ දුමින් බුදු ගෙය සුවඳයි 
සාදු නදින් හද බැතියෙන් බුදුහිමි පිදුවයි 


FOR YOU....

දුක් බර සත්‍ය කතාවකි


ආදරය සහා දුක  


ආදරය අපි හැමදාම කතා කරන වචනේ.. ඉතින් ඒ වගේ තමයි නිර්මලිගේ ජිවිත කතාව කියවන කොට දුක වගේම ජිවිතේ හදා ගන්න අපිට හොද අත්වැලක්
ඉතින් ඔයාලත් කියවන්න නිර්මලිගේ ඇත්ත ජිවන කතාව සත්‍ය කතාවකි.සියළු නම් ගම් මනංකල්පිතය.
මම බදුල්ලේ ලස්සනම ලස්සන ගමකයි ඉපදුනේ. පවුලෙ හිටියෙ අම්මයි, තාත්තයි, අයියලා තුන්දෙනයි.. අපි ගමේ
ටිකක් වැඳගත් පවුලක්.. ඇත්තම කිව්වොත් තාත්තලා වලව්කකාරයො. අම්මලා ජීවත් වුණේ ඒ ලොකු කම හිතේ තියාගෙන. අම්මා ගුරුවරියක්. තාත්තා ජොබ් එකක් නම් කලේ නැහැ. ඒත් එයාට ඉඩම් තිබුණා. මට පුංචි කාලෙ ගැන ඒ හැටි ලොකු මතකයක් නැහැ. ඒත් මම දන්න කාලෙ ඉදන් අයියලා එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුණෙ නෑ. මම පුංචිම කාලෙ අම්මා මාව ඉස්කෝලෙ එක්ක ගියා. අවුරුදු දෙක විතර ඉදන්ම මම අම්මා එක්ක ඉස්ලෝකෙ ගියා. එයා හැමදාම උදේට මාව වඩාගෙන ඉස්කෝලෙට යනවා මට අද වගේ මතකයි. හවස පන්ති කරලා අම්මා මාව එක්කගෙන එනවා. මම ඉස්කෝලෙත් පහ වසර වෙනකන් ඉගෙනගත්තෙ අම්මගෙ ඉස්කෝලෙමයි. ඊට පස්සෙ මම වෙනත් පාසලකට යන්න වුණා. මට කලින් කිව්වා වගේ මට අයියලා තුන් දෙනෙක් ඉන්නවා. එයාලා ගියේ ඒ ඉස්කෝලෙ ඒ වෙනකොට. ඒත් ලොකුම අයිය ගොඩක් ලොකු කාලයක් ඉගෙනගත්තෙ නැහැ. ඒකට හේතුවක් තිබුණා. එයාට කතා කරන්න බැහැ.

කොහොම උනත් මට පුංචිකාලෙ මතකය දෙවනි අයියගෙ ගෑනු ළමයා ගැන. එයා එතකොට උසස්පෙළ කරනවා මට මතකයි. අක්කා කෙනෙක් එක්ක එයාගෙ සම්බන්ධයක් තිබුණා. එයා ඒවට උදව්වට ගත්තෙ මාව. මගේ අතේ කියන්න ඕන දේවල් කියලා යවනවා.. ඒ කාලෙ මට හරිහැටි නොතේරුණාට, පහුවෙනකොට මට තේරුනා එයාලා කොච්චර වැරදි දෙයක්ද මට කියලා කලේ කියලා. කොහොම උනත් ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් උනා. අයියා ඉස්කෝලෙන් අවුට් වෙලා එයාව මැරි කරන්න දැගලුවා. ඒත් අම්මලා කැමති වුණේ නෑ. පස්සෙ එයා කොළඹ ගියා. ටික කාලෙකින් සුදු අයියා (පොඩිම එක්කෙනා) එයත් ජොබ් එකක් හම්බවෙලා ගෙදරින් ගියා. ලොකු අයියා තාත්තගෙ දේවල් වලට උදව් වෙලා හිටියා. මම ඒ වෙනකොට සාමාන්‍ය පෙළ කරනවා. අයියලා එක්ක වගේම ගෙදර එක්කත් ලොකුවට බැඳිමක් මට හිතුණෙ නෑ. මගේ අම්මට ගෙදර ගැන මම ගැන හොයන්න වෙලාවක් තිබ්බෙ නෑ. ආදරේ නැතුව නෙමෙයි. ඕන කියන විදියට සල්ලි දෙනවා, ඕන ක්ලාස් එකකට යන්න දෙනවා. ඕනවට වඩා නිදහස තිබුණා. ඒත් හොයලා බැලුවෙ නෑ.. හ්ම්.... අම්මලට ඊට වඩා එයාලගෙ ඉස්කෝලෙ ලමයි ගැන ඉස්කෝලෙ ගැන ප්‍රශ්න තිබුණා හොයන්න. තාත්තා, අයියලා එයාලත් ඒ වගේමයි.


ඒ විදියට මම සාමාන්‍ය පෙළ ඉවරවෙලා ඉස්කෝලෙ කොම්පියුටර් ක්ලාස් එකකට ගියා. යාළුවො එක්ක නිකම්ම ගෙදර ඉන්න බැරි නිසා. තුෂාර හම්බවුණේ ඒ කාලෙදි. එයා ඉස්කෝලෙ ටිකක් කැපිලා පේන කෙනෙක්. හැබැයි එයාගෙ හොඳ වගේම ගොඩක් නරකත් තිබුණා. ඒත් මුලින්ම එයා මගේ හොඳ යාලුවෙක් වුණා. එයා ඒ වෙනකොට 13 වසරෙ. කොහොම හරි එයා මගෙන් අහලා මම කැමති වුණා. ඒත් එයා ගැන දවසින් දවස මට අහන්න ලැබුණෙ නරක දේවල් විතරයි. මම සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ වලට ඉස්කෝලෙට ආවා. එයා උසස් පෙළ ඉවරවෙලා ඉස්කෝලෙන් ගියා. එයා ඒ විභාගෙ ප්‍රථිපල එන්න කලින්ම ජොබ් එකකට ගිහින්. හොටෙල් එකක. ඉගෙනගන්න පුළුවන් වුණත් ගෙදර ප්‍රශ්න තිබිලා එයා ගියා. මම උසස් පෙළ කරලා ඉවර වුණා. අපි දෙන්නගෙ සම්බන්ධයත් ඒ විදියටම තිබුණා. ඒක ගෙදරින් දැනගෙන විරුද්ධ වුණා. ඒත් පොඩි කැමැත්තක් තිබුණා අම්මගෙ. ඒත් තුෂාර ඒ වෙනකොට හොටෙල් එකේ එක එක ප්‍රශ්න ආරංචි වුණා. නරක පැත්තෙන්, අපි දෙන්නා එක්ක කතා කරන්න ගිහින් ප්‍රශ්නයක් වෙලා එයා මාව අත් ඇරලා දැම්මා. ඒත් නිදහසේ ඉන්න දුන්නෙ නෑ. මම කොළඹ එන්නෙ ඉන් පස්සෙ. මම ආපහු උසස් පෙළ වලට රාජගිරිය ක්ලාස් ගියා. ඒත් මගේ ගැන හොයන්න බලන්න කවුරුවත් නෑ. අයියල හිටියෙත් රාජගිරියේ උනාට එයාලට එහෙම මං ගැන හොයලා බලන්න තරම් ලොකු උවමනාවක් තිබුණෙ නෑ. පස්සෙ මම උසස් පෙළ අතෑරලා දාලා Slit ගියා. එකත් ඒ මාස 8 ඉගෙනගෙන ඉවරවෙලා අතෑරලා දැම්මා. පස්සෙ මම නුවන් ග්‍රැෆ්‍රික් ගියා. ඒ කාලෙදි තමයි මට සමන් හම්බවුණේ. සමන් මම ගියක ්ලාස් එකේ ටීච් කලේ. මම ඒ කෝස් එක ඉවර කලාට පස්සෙ සමන් මාව නුවන් ග්‍රැෆික් එකේම වැඩට ගත්තා. ඒ අතරෙම මම මීඩියා ඩිප්ලෝමා එකක් කලා. ඒ වෙනකොටත් තුසර ඉදලා තිබුණෙ රජගිරියෙමයි . ආයෙ අපේ ගෙදරට කියලා එයා මට කතා කරන්න ගත්තා. ඒත් මම කැමති වුණේ නෑ.


ඒත් ගෙදරින් සමන් අදුනන්නෙ නෑ කියලා මුලින්ම අකමැති වුනා. ඒ කාලෙදි ලොකු තේරුමකුත් නෑ. සමන් මමයි එකම වයසෙ. අපිට තීරණයක් ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි අපි හිටියෙ. මම විස්තර සමන් ට කිව්වා. කොහොම හරි ඒ සම්බන්ධ නෙවත්තලා මම ඔක්කොම අත ඇරලා ගමේ ගියා. ඒකට හේතුව ගෙදරින් හැමදාම ආව ප්‍රශ්න. කොහොම හරි අම්මලා එයාලගෙ පවුලෙ නම්බුව ගැන කියලා මට තුෂාර හොදයි කියලා බදින්න කිව්වා. තුසහර ඒ වෙනකොට බිස්නස් එක්ක කලා. කොහොම හරි එයා ඇවිත් එයාගෙ ගෙදර අයත් එක්ක ඒසම්බන්ධය ගැන කතා කරලා මාව මැරි කලා.


මම එදා ගත්ත මෝඩ තීරණයක්. ගෙදරටවත් කාටවත් පොඩි කාලෙ ඉඳලම මං ගැන ගානක්වත් තිබ්බෙ නෑ. ඒත් සමන් මෙච්චර පස්සෙන් එන්න ඇත්තටම මට ආදරේ කියලා මට හිතුණා. අපි මැරි කරලා රාජගිරියට ආවා. මොකද එයා හිටියෙ රාජගිරියේ . එයාලගෙ අම්මලගෙ බලාපොරොත්තුවක් වුණා මට ගෙදරින් ගොඩක් ලොකු දෑවැද්දක් ලැබෙයි කියලා. ඒත් සල්ලි ටිකක් ඇරෙන්න අම්මලා ලොකුවට කිසිම දෙයක් දෙන්න උවමනාවක් කලෙත් නෑ. එහෙම බලාපොරොත්තු වුණෙත් මම. කොහොම හරි ඒ සල්ලි වලන් අපි ඉඩමක් ගත්තා. ඒකට තුෂාර කැමති වුණේ නෑ දෙන්නගෙ නමට ගන්න. එයා ඒක එයාගෙ අම්මට ගත්තා. මම එච්චර දුර හිතුවෙ නෑ. පස්සෙ ටික කාලකෙින් සමන් ගෙ අමුතු හැසිරීම් තිබ්බා. එකපාර එයාට සල්ලි නැති වුණා. ක්ලබ් ගිහින් එයා නැතිවෙන්න ගත්තා. මම කිව්වත් මට ඒ ගැන අන්න දුන්නෙ නෑ. එයා මටත් කතා කරා. ඒත ්මම ගියේ නෑ. ඒත් එයා ගෙදරට ගෙනැල්ලා මට බොන්න පුරුදු කලා. පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරලා මාව එයාට ඕන ගානට ගන්න ට්‍රයි කලා. ක්ලබ් නොගියට එයා යාලුවො එක්ක යනකොට මාවත් එක්ක යනවා. මම වැටෙනකම් බොන්න පුරුදු වුණා. නොබීපු දෙයක් නෑ. ජීවිතේ එපාම වුණ කාලයක්. වෙන කෙල්ලොත් හිටියා. මට ජීවිතේ එපාව කෙරෙව්වා. එක මගේ උපන්දිනයක් දවසෙ මට ෆිල්ම් එකක් බලන්න යන්න කතා කලා. තව ගෑනු දෙන්නෙක් එක්ක. තව එයාගෙ යාලුවෙකුත් ආවා. එදා එයාලා මහ පාර මැද්දෙ හැසිරුනේ මහ රෑ අන්තිම නරක විදියට. වැල්ලවත්තෙ සැවෝයි එක ගාව මහ රෑ ගෑනු දෙන්නයි යාලුවයි ඉන්දිකයි සිගරට් බීව්වා. මට ලොකු අමුත්තක් දැනුණා. ඒ වෙලාවෙ ඒ වෙලාවෙ මට ඇඬුනා. ඒත් මාව ගණන් නොගෙන හිටියා. ඒත් එයාලා කොහෙදෝ යන්න කතා වුණා.මට බෑ මට ගෙදර යන්න ඕන කිව්වම එයාලා කිව්වා බැරිනම් යන්න අපි යනවා කියලා. මම වැල්ලවත්ත ඉඳන් තනියෙම රාජගිරියට ආවා. එදා තුෂාර ගෙදර ආවෙ පාන්දර හතරට විතර. එදා මම එලිවෙනකන් ඇඩුවා මතකයි. එදයින් පස්සෙ මම තීරණය කලා ඒ ජරා ජීවිතෙන් මම අයින් වෙනවා කියලා. එයා හැදුවෙ මාවත් ජරා තැනකට ගන්න. පස්සෙ මම ගොඩක් වෙනස් වුණා. මම පාඩුවෙ ඉන්න ට්‍රය් කලා. ආයෙ ජොබ් එකක කලා. තුෂාර ඒ කාලෙ හොඳට සල්ලි තිබුණා. එයා හිටියෙ අමුතුම ලෝකෙක. ඒත් අම්මලට, පවුලට ලැජ්ජාවක් වෙන්න බැරි නිසා මම මගේ පවුල හදාගන්න ගොඩක් ට්‍රයි කලා. එහෙම ඉද්දි මම ප්‍රෙග්නන්ට් වුණා. අම්මලා මාව මාස 7කින් විතර ගෙදර එක්ක ගියා.ඒ වෙනකොට මගේ අයියත් මැරි කරලා බබෙක් හිටියා. පස්සෙ මට දුව හම්බවුණා. එයා හම්බවෙන කාලෙදිවත් තුසහර ඕනට වඩා ආවෙ නැහැ බලන්න. හැම වියදමක්ම වගේ අම්මලත් කලා. එයාලගෙ ගෙදරිනුත් ගොඩක් වෙනස්මක් කලා තුසහරගේ අම්මා. තුසරට හිටියෙ එයයි අක්කයි.


එයාලත් හැරි කරලා. අයියට බබාලා හිටියෙ නැ. මට බබා හම්බවෙන්න ඉන්න කාලෙ තුසාර ගැන ගොඩක් නරක ආරංචි ආවා. එයා ක්ලබ් යනවා, ගෑණු ඉන්නවා ගොඩක් දේවල්.. මම වැඩිය කතා කලේවත් නැහැ. කොහොම හරි එක දවසක් ගෙදර ආවම එයාගෙ ෆෝන් එකට ගර්ල් කෙනෙක් කෝල් කලා. ෆෝන් එක ගත්තෙ මම. එදා මම දැනගත්තා ඒවයි ඇත්තක් තියෙනවා කියලා. ඒත් මම ගොඩක් ඉවසුවා. දුවට මාස හතරක් වුණා අප්‍රේල් මාසෙ, අවුරුදු දවසෙ. එයා යාලුවො ගොඩක් එක්ක අපේ ගෙදර ආවා. පාටි දාලා බීලා එයාගෙ අම්මත් ආවා. ඇවිල්ලා අයියට ලමයි නැති නිසා මගෙන් ලමයා ඉල්ලුවා. ඔයාලා අතර ප්‍රශ්නනේ, ළමයා අයියට දෙන්න හදාගන්න කියලා. ලොකු ප්‍රශ්නයක් ඇතිකලා. මට මිනිස්සුන්ව එපාවුනා එදා. ඒ හැමෝම ගැන ලොකු වෛරයක් ඇතිවුණා. අම්මකෙනෙකුගෙන් කවදාවත් ලමයෙක් උදුරගන්න තරම් අමානුශික වෙන්න හොද නෑ. තුසර මට යන්න කතාකලා කොළඹ.




ඒත් අපේ ගෙදරින් මාව යවන්න කැමති වුනේ නෑ. තුෂාර රාජගිරියේ ගෙදර හිටියෙ එයාගෙ යාලුවො දෙන්නෙක් එක්ක. මට එන්න බෑ කිව්වම එදා ඒ යාලුවො එක්ක මට බැනලා බැනලා ආවා. එදා එයා කිව්වා උඹ ඕන නෑ මට රුපියල් දාහට ඕන තරම් ගෑනු ඉන්නවා කියලා. මම හොදටම ඇඬුවා. මට ඒ වෙලාවෙ සිහිය නැතිවෙලා තිබුණා. එදා තමා අම්මල තුෂාර එපා වුනේ. මම කවදාවත් ගෙදරට මගේ දුක පෙන්නුවෙ නෑ. කොහොම උනත් අයියලවත් තුසරට මුකුත් කියන්න ගියේ නෑ. ඒත් මාසෙකට පස්සෙ ම ආපහු කොළඹ ආවා. ඉන් පස්සෙ මම දුව බලාගෙන හිටියා. තුෂාර ටික දවසක් හොදින් හිටියා. ඒ වෙනකොට එයා ගොඩක් තිබ්බ සල්ලි නාස්තිකරගෙන හිටියෙ. ගන්න දෙයක් තිබ්බෙ නෑ. අන්තිමට එයාගෙ යාලුවො දෙන්නා ගෙදර හිටියනේ. එක යාලුවෙක් මට කැත යෝජනාවක් ගෙනාවා. එයාගෙ හොදම යාලුවා. මම ඒක තුෂාරට කිව්වා. අන්තිමට ඉන්නික ඒකට එයාලව ගෙදරින් යැව්වා. පස්සෙ එයා නැත්තට නැති වුණාම හොටෙල් එකක ජොබ් එකක් කලා. ඒ කාලෙ ලොකුවට නැති වුණත් අපි අතර ප්‍රශ්න තිබුනා. ඒත් මම ගොඩක් පාඩුවෙ හිටියා දුව එක්ක. තුෂාරගේ ගෙදරින් හැමදාම ප්‍රශ්න ගෙනාවා. එයාලා හරිම අමුතුයි. කොහොම හරි කාලෙත් එක්ක රාජගිරියේ ඉන්නෙ නැතුව කොටුවෙ අරන් ආපු ඉඩම් කෑල්ලෙ ගෙයක් හදන්න හිතාගෙන අපි කොටුවට ආවා. ඒත් ගවෙල් හදන්න නෙමෙයි ජීවත් වුණෙත් ගොඩක් අමාරුවෙන්. එයා නැත්තටම නැතිවුණා. අපේ ගෙදරින් අම්මා මාසෙකට ගානක් එව්වා. තුසරට ගන්න ගාන මදි වුනා. පස්සෙ මම ඇදුම් මහලා ෂොප් වලට දැම්මා. පොඩි බබාලත් බලාගන්න මම රෑ එලිවෙනකම් ඇදුම් මැහුවා. කවදාවත් එහෙම ජීවිතයක් ගෙවන්න මම හිතුවෙ නෑ. ඒත් මම මගේ පවුල රැකගන්න ගොඩක් මහන්සි වුණා. ඒත් බැරිම උනා. අන්තිමට තුෂාරට b රට යන්න හම්බවුණා. ඒකට සල්ලි තිබුණෙ නෑ. සල්ලි දුන්නෙ අපේ අම්මා. හැබැයි ණයට. ඒකෙන් එයා දැනට අවුරුදු හතරකට කලින් ලංකාවෙන් ගියා. මලේ එයා යනකොට දෝනිට අවුරුදු දෙකයි මාස අටක් විතර ඇති. එදා ඉදන් ටික කාලයක් මම මගේ ගෙදර ගිහින් හිටියා.අවුරුදු දෙකක් විතර. ගම කොච්චර ලස්සන වුණත් මෙහෙට හුරුවෙලා හිටිය නිසා ගමේ ගිහින් ඉන්න අමාරු වුණා. කොහොම වුනත් මම ගෙදරටම වෙලා හිටියා. ඒ ඉන්න කාලෙදි අවුරුද්දක් විතර සමන් කරපු ජොබ් එකේ ලොකු පඩියක් ලැබුනෙ නැති උනත් එයා එවපු හැම සතේකින්ම මම එයා මෙහේ වුණ හැම ණයක්ම ගේවවා. එයා එවන ස්ලලි වලින් කන්න බොන්නවත් මම වියදම් කලේ නෑ. ටික කාලෙකින් එයාට හොද ජොබ් එකක් හොද සැලරියක් එක්ක ලැබුණා. ඒ ලැබෙනකොට එහෙට හුරුවෙනකොට එයාට ආයෙත් පරණ ජීවිතේ ඕන වුණා. ටිකෙන් ටික කතා කරන එක අඩු කලා. පස්සෙ මම FB එකෙන්දැක්කා එයාගෙ ෆොටෝස්. ඒත් ඒවා සාමන්‍ය දේවල් නිසා මම වැඩිය හෙව්වෙ නෑ. ඒත් මට වෙනසක් තේරුණා. කොහොම වුණත් දුවට අවුරුදු හයක් වෙනකම් ප්‍රශ්න මැද්දෙ මම ඔහේ ජීවත් වුණා. ඒ අතරෙ එකපාරක් ඉන්දික ඇවිත් ලංකාවට. ඉන්පස්සෙ දුව ඉස්කෝලෙ දාන්න මම ගොඩක් මහන්සි වුණා. ඒත් ඉස්කෝල හම්බවුණේ නෑ. දුවගෙ පදිංචි හැමදේම තිබුණෙ රාජගිරිය ඒත් ලකුණු මදි වුණා. අන්තිමට මම මගේ පන්තියෙ එකට හිටිය යාලුවෙක්ගෙන් සල්ලි වගයක් පොලීයට අරගෙන අතේ තිබ්බ සල්ලිත් එක්ක දරුවා රාජගිරිය ප්‍රයිවර්ට් ස්කූල් එකකට දැම්මා. මම පස්සෙ දරුවත් එක්ක මගේ යාලුවෙකුගේ ගෙදර හිටියෙ. යාලුවට හිටියෙ දුවලා තුනක්. එයාලා මට මගේ අයියලා තුන්දෙනාට වඩා ලඟින් හිටියා. හැම දුකකදිම කරදරයකදිම හොයලා බැලුවා.

ඒත් ටික කාලයක් හිටියට හැමදාම ඉන්න එක සුදුසු නැහැ කියලත් මට හිතෙන වෙලාවල් ආවා. එහෙම ඉදලා මම යාළුවගේ ගෙවල් පැත්තෙන්ම ගෙයක් ගත්තා රෙන්ට් එකට. ඒ අතරෙ මට මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් ජොබ් එකක් හම්බවුණා. ජොබ් එකක් ලැබුණා ඒක නිසා මගේ කාලය යනවා මට වැඩිය දැනුණෙ නෑ. ඒ වගේම මගේ දුවට හොද ඉස්කෝලයකුත් හම්බවුණා මගේ යාළුවගේ උදව්වෙන්. ඒ ඉන්න කාලෙදිත් මට ගොඩක් දේවල් FB එකෙන් තුෂාරගෙන් අහන්න දකින්න ලැබුනා. කොහොම උනත් ලොකුවට විස්වාස කරන් දෙයක් මට තිබ්බෙ. ඒත් නිතර අපි අතර ප්‍රශ්න තිබුණා. එයාට සල්ලි අතට එනකොට එයාගෙ අම්මා තාත්තා පවා අමතකයි. එහෙම කාලයක් ගියා මොකක් හරි ප්‍රශ්නයක් හැමදාම ආවා. තුෂාර වැකේෂන් ආවා දවස් විස්සකට. ඇවිත් එයා ආයෙම ගියා. ආව දවස් වල එයාගෙ ලැප් එකේ මම ෆොටෝස් දැක්කා. ඒත් මම රණ්ඩු වුණේ නෑ. මම ඒවා විඳ දරාගෙන හිටියා.


දරුවා ඉස්සර ප්‍රශ්න කතා කරන්න මට බෑ විශේෂයෙන්. ඒත් මම ගොඩක් දේවල් හිතේ හිරකරගෙන හිටියා. එයා අාපහු ගියා. මාසයක් විතර යනකොට මට නිතර හුස්මගන්න අමාරු ගතියක් වගේ තිබුණා. ඒත් මම ගණන් ගත්තෙ නෑ. ඒත් ටික දවසක් පපුප රිදෙනන් වගේ ගත්තා. පස්සෙ ඩොක්ටර්ට පෙන්නුවාම හෙටම Cardiologist කෙනෙක්ට පෙන්නන්න කිව්වා. හාර්ට් එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් වෙනස් වගේ කියලා. ඒත් මම වැඩිය ගණන් ගත්තෙ නෑ. පස්සමෙම දුවත් එක්ක තනියෙම ඩොක්ටර් චැනල් කරලා හවස ගියා. ගියාම ECO එකක් කලා. එතනදි දුවත් මගේ ලග හිටියා. එයා එක වසරෙ හරිම පොඩියි. ඒත් එයා මට ගොඩක් ආදරෙයි. එයා බයයි මම මැරුණොත් එයාට කවුරුවත් නෑ කියලා. මේක කියද්දිත් මට ඒක ගැන මතක් වෙලා ඇඬෙනවා. ඩොක්ටර් එච්චරම හිතන්නෙ නැතුව ඇති ඩොක්ටර් කිව්වා ඔයාගෙ හාර්ට් එකේ සිදුරක් තියෙනවා කියලා. ටෙස්ට් එකක් කරන්න ජෙනරල් හොස්පිට්ල් එකට එන්න කැමරා එකක් යවලා බලන්න ඕන කියලා. එතකොට ප්‍රශ්න එන්නෙ මට විතරමද කියලා හිතුණා.මම මැරෙයි කියන බයට වඩා මගේ දෝණි ගැන දුක හිතුනා මට. එයා එතන හොඳටම කෑගැහලා ඇඩුවා. එතකොටම එතන මම එයා එක්ක තනියෙම ඇඩුවා.


හරියටම රෑ අටට විතර මහ පාර මැද්දෙ මම එයා එක්ක අඩ අඩ වීල් එකකට නැගලා ගෙදර ආවා. මම මේක කාටද කියන්නෙ කියලා හිතාගන්න මට බැරිව හිටියෙ. ඒත් හැමදේම වගේ මම අම්මට කිව්වා. අම්මත් හොදටම ඇඩුවා. මම ගෙදරට එනකොට පුංචි ගෙදර ඇවිත් හිටියා. පහුවෙනිදා උදෙන්ම අම්මලා ආවා ඊලග දවසෙම තුෂාර ආවා. මොනා උනත් ඒ වෙලාවෙ එයා ලොකු හයියක් වුණා. ඒත් මම දන්නෙ නෑ කොහොම හරි මම ඊළග දවසෙ හොස්පිටල් ගියා. කැමරා එකක් කට ඇතුලෙන් යවලා බැලුවා. එතනදි දැනගත්තා මගේ හාට් එක සිදුරක් තියෙනවා කියලා. ඒකත් තියෙන්නෙ ලේසියෙන් වහන්න බැරි තැනක. කපාටයක් ලග. ඒ වගේම හාට් එකේ එක පැත්තක් ඒ ප්‍රශ්නෙ හින්දම ලොකු වෙලා කිව්වා. මම දන්නෙ නෑ ඒ වෙලාවෙ මට හිතාගන්න බැරි වේදනාවක් දුකක් දැනුනා. පස්සෙ මම හිත හයිය කරගත්තා. මැරෙන්න තියෙනවා නම් මැරෙන එක නවත්තන්න බැහැ කියලා මම හිත හදාගත්තා. මම ඔපරේෂන් එක මාසයක් ඇතුලත කරන්න ඩොක්ටර් දින දුන්නා. ඒ වෙලාවෙ මගේ ලගින් අම්මා හිටියා. අයියලා, තාත්තා හැමෝම හිටියා. හැමෝම උධව් කලා. ඒත් තුෂාරගේ ගෙරදින් කීවෙ ඕක උපතින්ම එන ලෙඩක් ඒ කාලෙ ඇයි බැලුවෙ නැත්තෙ කියලා. ඒ මිනිස්සුන්ගෙ හැටි කොහොම උනත් තුෂාර ආපහු ගියා මාසෙකින් එන්නම් කියලා.


එයාට එහේ යාලුවො සල්ලි එකතු කරලා දීලා තිබුණා. යාලුවන්ගෙන් ණයත් අරගෙන තිබුණා මගේ ගෙදර අයත් ලක්ෂ දෙකකට වැඩියෙන් දුන්නා. මගේ යාලුවොත් එයාලට පුළුවන් විදියෙන්ම මට උදව් කලා. කොහොම හරි මාසෙකින් තුෂාර ආවා. මගේ ඔපරේෂන් එකට ගියා ලක්ෂ පහක්. සල්ලි බැඳලා මාව නවලෝකෙ නවැත්තුවා. එදා මගේ දුව ගොඩක් ඇඩුවා. එයා මාව මතක් කරකර අඩනවා. එයා බයවුණා මම මැරෙයි කියලා. ජීවිතේ කවදාවත් නොහිතපු දෙයක් ඒක. ඒක ලොකු අත්දැකීමක්. වචනවලින් විස්තර කරන්න බෑ. අවුරුදු 28දි මට හැමදේම වෙයි කියලා මම හිතුවෙ නෑ. ඒත් ඩොක්ටර්ස්ලා කිව්වෙ මම ගොඩක් වාසනාවන්තයි. මගේ බබාලගෙ වාසනාව කියලා. බබෙක් හම්බවෙන්න තරම් ඒ වගේ දෙයක් තියෙද්දි වාසනාවක් තිබුණා කියන්නෙ. නැත්නම් මම මැරෙන්න තිබුණෙ ප්‍රෙග්නන්ට් වෙච්ච වෙලාවෙලු.. බබාගෙ පින නිසා මට මොකුත්ම උනේ නෑ කියලා එයාලා කිව්වා. හරියටම හවස හතරට මාව Teeter එකට ඇතුල් කලා. ඒ වෙලාවෙ කිසිම කෙනෙකුට ලගට යන්න එපා කිව්වා. ඒත් තුෂාර මට එතන ඉඳන් අත වනනවා මට මතකයි. මම ආයෙ එන්න වෙන එක්ක නෑ කියලා හිතාගෙන මගේ දුව මතක් කරන්න පටන්ගත්තා. මට නින්ද යනවා විතරයි මට මතක.


කවුරු හරි දිවුගෙ නම ඇහුවා. ඒ එක්කම ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඊට වඩා දෙයක් මම දන්නෙ නෑ. මට ආපහු ඇහැරුණා. මම හිතුවෙ මොකුත්ම තාම කරලා නෑ කියලා. ඒත් මට හෙලවෙන්නවත් බෑ ඩොක්ටර් කෙනෙක් එතකොට තමයි කිව්වෙ ඔයාගෙ ඔපරේෂන් එක ඉවරයි ඇස් ඇරලා ඉන්න දැන් වෙලාව පාන්දර හතරයි කියලා. මට සිහිය ඇවිත් තියෙන්නෙ පැය 12කට පස්සෙ. මගේ කට ඇතුලෙන් පෙනහලු වලට බට දාලා තිබුණා. ඒක ගිලෙනවා වගේ විදගෙන ඉන්න ගොඩක් අමාරු වුණා. ඒ හැමදේම ටික ටික අයින් කලා. මම ICU එකේ දවස් දෙකක් හිටියා. ඒත් දුව බලන්න ආස උනත් මම ඉන්නවා දැකලා එයා බයවෙන නිසා එක්ක ආවෙ නෑ. අම්මා තුෂාර මාව බලන්න ආවා. දුව මට ලියලා එවලා තිබුණා" අම්මෙ මම ඔයාට ආදරෙයි මට පාලුයි කියලා." මට ඒක ඈත ඉඳන් පෙන්නුවා. මොකද මගේ ලඟට කාටවත් එන්න එපා කියලයි තිබ්බෙ. විශබීජ යයි කියලා. ඒ වෙලාවෙ එතන හිටියා හැමෝටම දුක හිතුනා මාව දැකලා. මාව බලාගත්තු සිස්ටර් මට හොඳට මතකයි ඇත්තටම ඒක එයාලා හුගක් ආදරෙන් කරනවා. හාට් පේශන් කෙනෙකුට ඒ වගේ කරුණාවෙන් ආදරෙන් ඒ කරන දේ ලොකු පිණක්. දවස් දෙකක් ICU ඉදලා රූම් එකට දැම්මා. ඉන්පස්සෙ මට ඇවිදින්න නැගිටින්න කිව්වා. අත් දෙකේ වාරුවක් නැතුව නැගිටින්න ගොඩක් අමාරුයි. මම කැක්කුම හැදිලා කෑගැහුවා. ඒත් කෑ ගහන්නවත් බෑ. ඒ වේදනාව දරාගෙන ඉන්න අමාරුයි. දවස් දෙකක් යනකොට ටිකක් ගාණක් නැති වුණා. ඒත් මාව බලන්න වැඩි දෙනෙකුට එන්න දෙන්න එපා කියලා ඩොක්ටර් කියලා තිබුණා. මගේ නෑදෑයො එනවට තුෂාර ගොඩක් අකමැති වුණා. මොකද එයාගෙ කවුරුවත් ආවෙත් නැති නිසා. ඒත් එයාගෙ යාලුවෙක් ආවම මම ඇහුවා ඇයි එහෙනම් එයා කියලා ඒ වෙලාවෙත් තුෂාර මාත් එක්ක රණ්ඩු කලා. මට ජීවිතේ අමතක නොවන දෙයක් එයා කිව්වා.


තමුසෙ අද ජීවත් වෙන්නෙ මගේ සල්ලි වලින් කරපු ඔපරේෂන් එකන් කියලා. මට ඇඬුනා. මම කිව්වා මම කිව්වෙ නෑනේ කියලා. මම බෑ කියද්දි ඔයාලමනේ මේක කලේ. මීට වඩා හොදයි මැරෙන්න දුන්නා නම් කිව්වා. එතකොට මට එයා කලකිරුණා. ඒත් මම රණ්ඩුව දුර අරන් ගියේ නෑ. පස්සෙ මම දවස් දහයක් හොස්පිට්ල් ඉඳලා ගෙදර ආවා. එන දවසෙ ඩොක්ටර් කිව්වා මට වැඩිය අඩන්න මහන්සිවෙන්න හාට් එක හයියෙන් ගැහෙන්න දෙයක් කරන්න එපා කියලා. කොහොම හරි මම හොස්පිට්ල් එකේ ඉද්දි මම දැක්කා තුෂාර ලැප් එකේ FB ලොග් වෙලා මම බලද්දි ඒකෙ එක ගෑනු කෙනෙක් ලොග් වෙලා සයින් අවුට් වෙලා තිබුණෙ නෑ. ස්කයිප් ලොග් වෙද්දි ඒකත් එහෙමයි. මම මුලදිත් දැක්කා ගොඩක් දේවල් ෆොටෝ ඒ ගෑනු ලමයගෙ. ඒත් මම රණ්ඩු වුණේ නෑ. පස්සෙ ටික දවසකින් එයා ආපහු ගියා. මාස දෙකක් අම්මා මාව බලාගෙන මෙහේ හිටියා. ඉන් පස්සෙ අම්මා ආපහු ගමේ ගියා. මම ආයෙ තනි වුණා. මම ආපහු වැඩට ගියා.


කාලෙ එහෙම ගෙවිලා යද්දිඉස්සර වගේම ඉන්දික සල්ලි වලට ප්‍රශ්න දැම්මා. එවන්න වෙන්නෙ නෑ, ණය තියෙනවා..හැමදාම මොනවා හරි කිව්වා. එවන ගාණෙන් පුලුවන් විදියෙන් ඉන්න කිව්වා. ඒත් මට අම්මලාත් උදව් කලා. මගේ ජොබ් එකෙත් හරියට ප්‍රශ්න තිබ්බා. එතන ඇතුලෙ ප්‍රශ්න නිසා මම එකෙන් අයින් වුණා. මම දැනගෙන හිටියා ඉන්දික FB එකක් කරනවා දරුවගෙ නමින් හදාගෙන. මම ඒකෙ Mail එක Password එක දැනගෙන හිටියා. ඒකෙන් එයාගෙ යාලුවො මම එයාගෙ වයිෆ් කියලා දැනගෙන හිටියා. එක්කෙනක් මට මැසේජ් එකක් එවලා තිබුණා ගර්ල් කෙනෙක්. ඒකෙ තිබුණෙ මෙයා මෙහේ වෙනින් සම්බන්ධයක් තියෙනවා.. ඒ නිසා ලංකාවට ගෙන්න ගන්න කියලා.. මම ඒක කිව්වම එයා මට අයින් වෙන්න කිව්වා. එයත් අයින් වුණා. මට FB යන්න ඕනනම් වෙන නමකින් යන්න කිව්වා. ඒත් මට හොර වැඩ කරන්නැත්නම් මම බයවෙලා ඉන්නෙ ඇයි. මමත් එහෙම හිතුවා. ඇයි මිනිස්සු මේ තරම් ජරා වැඩ කර්නනෙ. කොහොම උණත් පස්සෙ මෙහේ ඉන්න අයගෙ සමහර යාලුවොත් එයා මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගෙන මටත් කිව්වා ලංකාවට ගෙන්නගන්න කියලා. ඒ ආවත් එයා ආපහු කරන්නෙම මා එක්ක ප්‍රශ්න ඇතිකරගන්න එක. අද එයා එහේ හොඳට ඉන්නවා. හොද සැලරියක් එක්ක. ඒත් එයා ගන්න සැලරියෙන් 5න් 1ක් වත් එයා මට එවන්නෙ නැහැ. මම ඒ මොකද කියලා ඇහුවත් කියන්නෙ මගේ ඔපරේෂන් එකට ගත්ත ණය ගෙවනවා කියලා. මගේ ඔපරේෂන් එකට එයා අතින් ලක්ෂ පහක් වියදම් වුණත් දැන් ගෙවන්න කාලෙ හරි. මොකද දැන් මගේ ඔපරේෂන් එක කරලා අවුරුද්දයි මාසයක්. ඒත් මම අහන්නෙ නෑ. මට මේ ජීවිතේ කිසිම තේරුමක් නෑ. දෙසැම්බර් වල එයාගෙ වැකේෂන් එක. එත් එයාට මාසයක් නිවාඩු තියෙනවා. ඒත් දවස් දහයකට එනවා නැත්නම් වැඩ පාඩුවෙනවා කියලා කිව්වා. ඇත්තටම මම කරන්න ඕන මොනවද කියලා තේරුම් ගන්න බෑ. අපි නීතියෙන් බැඳිමක් හදාගත්තට ඒක හිත ඇතුලෙන් එපාවෙලා ඉන්නෙ. හැමදාම දුකක් විතරයි. ඒත් මම ගොඩක් ඉවසුවා. ඒත් දැන් මේ ජීවිතේ තේරුමක් නැතුව ගෙවිලා යනවා. එයා තව අවුරුදු හයක්වත් එහේ ඉන්නවලු. ඒකට හේතු ඕනතරම් එයාට කියන්න තියෙනවා. ඇත්තටම ඒ ජීවිතේ ඒ හැමදේම එයාම මට එපා කෙරෙව්වා. එයා ගැන මගේ හිතේ ආදරයක් නැත්තටම නැති කරලා. ඒත් මට අයින් වෙන්න ඕන නෑ. ඒත් මට ඉන්න ඕනෙත් නෑ. කවදාවත් මම සල්ලි පස්සෙ ආවෙ නෑ. මට පුංචි කාලෙ ඉඳන් ඕන ආරක්ෂාව, ආදරය ලැබුණෙ නැහැ. බැන්දට පස්සෙ ලැබෙයි කියලා හිතුවත් ඊට අන්ත විදියට මම වැටුණා. මගේ ජීවිතේ මේ විදියට ඉවරවෙලා යද්දි ඉස්සරහක් ගැන බලාපොරොත්තුවක් නැතුව කාගෙවත් ආදරයක් නැතුව හිතේ සතුටක් නැතුව මේ හැමදේම නැතිකරගෙන මම ගොඩක් හිතින් විදවනවා. අදටත් විදවනවා. මේ හැම බැඳීමකින්ම මම ඈත්වෙලා ගොඩක් කල්. මේ චූටි දුව නැත්නම්, මම අද එයා වෙනුවෙන් හැමදේම හිතින් විඳදරාගෙන ඉන්නවා. ඒත් ඉස්සරහට මට මොනවා වෙයිද කියලා මම දන්නෙ නෑ.
සත්‍ය කතාවකි.සියළු නම් ගම් මනංකල්පිතය.

දුක් බර සත්‍ය කතාවකි


නිමක් නැති සෙනෙහසක් ළදක් ගෙන ගිය දුරක්

ජිවිතේ මහා පුදුම දෙයක ඒ වගේ තමයි අද ඔයාලට ඉදිරිපත් කරන මේ සත්‍ය කතාව ඔයාලත් බලන්න මෙය උපුටා ගැනීම සම්පුර්න තහනම් බව කරුණාවෙන් සලකන්න අනිත් අයටත් දැක ගන්න රස විදින්න මේ කතාව share කරන්න සියළු නම් ගම් මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න "නිමක් නැති සෙනෙහසක් ළදක් ගෙන ගිය දුරක් " ආදරේ සොදුරු ගිමන් හල ඔබට ආදරෙන් ඉදිරිපත් කරයි (සත්‍ය කතාවකි. සියළු නම් ගම් මනංකල්පිතය).
____________________________________
___________________

ආදරේ කියන්නෙ හරි පුළුල් ක්ෂේත්‍රයක්. දුප්පත්, පොහොසත්, බාල, මහළු, ගැහැණු, පිරිමි ආදී මෙකී නොකී කිසිඳු භේදයකින් තොරව සෑම පුද්ගලයෙක්ම තමන්ගේ ජීවිත කාලය තුළ නොයෙකුත් අවස්ථාවල නොයෙක් ස්වරූප වලින් අත්විඳින දෙයක් තමයි ආදරය. ඒ අතරිනුත් සමාජයේ කතාබහට බොහෝ සේ ප්‍රස්තුත වෙලා තියේනනෙ යෞවන ප්‍රේමය. “තමන් ආදරේ කරන කෙනා නැතුව ජීවත් වෙනවට වඩා හොඳයි ජීවිතේ නැතිකර ගන්න එක.” යථාර්තයක් බවට පත්වීම සිදුවී ඇත්තේ අවම අවස්ථා ගණනක වුවත් බොහෝ ප්‍රේමවන්තයන්ගේ සිත් තුළ අවම වශයෙන් එක් වතාවක්වත් නැඟෙන සිතුවිල්ලක් තමයි ඒක. ඉමාලිත් මීඨ අවුරුදු හතරකට කලින් හිටියෙ ඔය කියන සිතුවිල්ල සිතේ දරාගෙන තමයි. හෙට මනාලියක් විදියට සැරසෙන්න නියමිත යුවතියගේ මල් කලඹ සකසමින් හිටිය ඉමාලිගෙ අත ඒ වෙනුවෙන් පේවෙලා බොහොම පිළීවෙලකට තමන්ගෙ කාර්යයේ නිරතවෙලා සිටියා වුණත් එයාගෙ හිත නම් බොහෝම අපිළිවෙලට දස අතේ විසිරිලයි තිබුණෙ. පෙරදා හැන්දෑවේ ඒ යුවතිය තමන්ගෙ ආදරවන්තයාගෙ අතේ එල්ලිලා මල් සාප්පුවට ආපු වෙලාවෙ ඉඳලා තමයි ඉමාලිගෙ හිත ගිණිගන්න ගත්තෙ.

ජීවිතේ තියෙනකල්ම තමන් ළඟ තියාගන්න ප්‍රාර්ථනා කරපු සැහැල්ලු හිනාවෙන්ම සැරසිලා දිනාල් හිටපු හැටි මේ දැනුත් ඉමාලිගෙ හිත පුරා ඇඳුණා. බොහෝම කාලෙකට පස්සෙ දෙන්නගෙ ඇස් එකට මුණ ගැසුණ වෙලාවෙ ඉමාලිගෙ ඇස්වල ඇඳුණ හැගීම්වලින් එකක්වත් දිනාල්ගෙ ඇස්වල නම් තිබුණෙ නෑ. හැමදාම වගේ ඒකත් මුලින්ම දැනුනෙ ඉමාලිටම තමයි. නවකතා රචකයොයි ගීත ප්‍රබන්ධ කරන අයයි දෛවයේ සරදම් කියලා හඳුන්වන්නෙ මේ වගේ සිදුවීම් වලට වෙන්න ඇති කියලා ඉමාලි තනි හිතට හිතුවා. දිනාල්ව මුලින්ම මුණ ගැසුණදා ඉඳලා අද අනපේක්ෂිත විදියට හම්බවුණ අවස්ථාව වෙනකල් සිද්ධ වුණ දේවල් සිතුවම් පටයක රූප රාමු වගේ එයාගෙ ඇස් ඉදිරියෙ මැවුණා.

කුරුණෑගලට ආසන්න සුන්දර ගම්මානයක ගුරු යුවළකගේ එකම දියණිය විදියට ඉපදුණ ඉමාලිට අඩුවක් කියලා කියන්න දෙයක් තිබුණෙ නෑ. අම්මයි තාත්තයි රජයේ ගුරුවරු විදියට උපයපු දේයි දෙපැත්තෙම ආච්චිලා සීයලා දීපු දේවලුයි පවුලෙ එකම දරුවා වුණ ඉමාලිට වුවමනා තරම් සැපවත් ජීවිතයක් ගත කරන්න සෑහුණා.

ප්‍රදේශයේ වැදගතුන් විදියට නම් දරා හිටිය තමන්ගෙ දෙමවුපියන්ගෙ ඒ නමට ඉදිරියෙන් “අ” යන්නක් එකතු වෙන විදියෙ වැරැද්දක් තමන් අතින් සිද්ධ වුණා කියලා මතක් වෙනකොට ඉමාලිගෙ හිත පිච්චිලා ගියා.

කුරුණෑගල ටවුමෙ ටියුෂන් පන්තියට දුවව යවන්න ඕනෙ කියලා අම්මයි තාත්තයි කතා වෙනකොට ඒකට මුලින්ම විරුද්ද වුණේ ඉමාලි. පස්සෙ පස්සෙ යාළුවොත් එක්ක බස් එකේ යන්න පුළුවන් කියලා තමන්ව ඇරලවන්න එක්ක යන්න තාත්තා එන එකට විරුද්ධ වුණෙත් ඒ ඉමාලිම තමයි. ඒක පන්තියක් ඉවරවෙලා අනිත් එක පටන් ගන්නතුරු ලැබෙන විවේක වෙලාවෙ කෙල්ලො රංචුවත් එක්ක නගරය පුරාම ඇවිදින එක තමයි ඉමාලි විනෝදෙට කළේ.

එහෙම ඇවිදින්න ගිය එක දවසක තමයි ඉමාලිලාට මුලින්ම දිනාල්ව මුණ ගැහුණෙ. කොලු රෑනක්ම එතන හිටියා වුණත් ඉමාලිගෙ ඇහැ දැක්කෙ දිනාල්ගෙ හිනාව විතරයි. කෙල්ලො ටික තමන්ව පහුකරගෙන යනකොට ඇහෙන්න නැතිවෙන්න මොන මොනවද කියලා පහු වුණාට පස්සෙ මහා හයියෙන් හිනා වෙලා හැරිලා බලනකොට වෙන කොහෙදෝ බලාගෙන හිටියා. හරියට හිනා වුණේ ඉමාලිලාට නෙමෙයි වගේ. පස්සෙ දවසක ඒ ගැන දිනාල්ගෙන් ඇහුවාම එයා කිව්වෙ “ඒ හැටි” කියලා.

ඉමාලිලා ආපහු එතනකොටත් කොල්ලො කාණ්ඩෙ එතනම හිටියා. බිම බලාගෙන ගියා වුණත් දිනාල් තමන් දිහා බලාගෙන හිටිය බව ඉමාලිට දැනුණා. ඒක තමන්ගෙ හිතට සතුටක් වගේ හැඟීමක් ගෙනාවෙ ඇයි කියලා එදා ඉමාලිට තේරුණේ නෑ. ඊට දවස් දෙක තුනකට පස්සෙ දිනාල් යාළුවොත් එක්ක ටියුෂන් පන්තිය ඉස්සරහ ඉන්නවා ඉමාලිට පෙන්නුවෙ ගයනි. ගයනි ඉමාලිගෙ හොඳම යෙහෙළිය. ඒක කවදාවත් ඉමාලි බලාපොරොත්තු වෙච්චි දෙයක් නෙමෙ. ඉමාලි පන්තියට එන වෙලාවටයි ආපහු යන වෙලාවටයි හැමදාම වගේ දිනාල් යාළුවො ටික පිරිවරාගෙන පන්තිය ඉස්සරහා හිටියා. අහම්බෙන් හරි එහෙම හිටපු නැති දවසට ඉමාලිට ලොකු අඩුවක් දැනුණා. ඉගෙන ගන්න වැඩකට තියා කන්න බොන්නවත් හිතක් තිබුණෙ නෑ.. ඔය විදියට මාස දෙක තුනක් ගතවෙලා යද්දි ඉමාලිත් දිනාලුත් පෙම්වතුන් වුණා.

ඒත් මේ ආදරේ දිනාල්ට දැනුණෙ ඊට වඩා ගොඩක් වෙනස් විදියට. එයාට ආදරේ ගැන ගොඩක් අත්දැකීම් තිබුණා. තමන් යාළු වුණ තවත් කෙල්ලෙක් විදියට විතරයි, එයාට ඉමාලිව දැනුණෙ. ඉමාලිත් එක්ක යාළු වෙනකොටත් එයාට තව සම්බන්ධකම් කිහිපයක්ම තිබුණා. ඒවා ඉමාලිගෙන් හංගන්න තරම්වත් වුවමනාවක් දිනාල්ට තිබුණෙ නෑ. ඉමාලිට පේන්නම වෙන ගෑනු ළමයි එක්ක යන එන, තමන්ගෙ අනික් ප්‍රේමවන්තියො ගැන කියවන දිනාල් ගැන ගයනි නම් කතා කළේ කේන්තියෙන්. මේ සේරම දැනගෙන දැක දැකත් දිනාල් වෙනුවෙන් මැරෙන්න යන එක මහ පිස්සුවක් මෝඩකමක් කියලා තමයි ගයනි ඉමාලිට බැන්නෙ. ඒත් ඒ කිසිම දේකින් ඉමාලිගෙ ආදරේ වෙනස් කරන්න බැරි වුණා. ඒකයි පන්ති නොගිහින් වෙන කොහේහරි යමුද කියලා දිනාල් අහපු වෙලාවෙ ඔළුව වැනුවෙ. කොහෙද ය්නනෙ කියලවත් දිනාල්ගෙන් අහන්න තරම් වුවමනාවක් ඉමාලිට දැනුණෙ නෑ. ඉමාලි දිනාල්ව විශ්වාස කළේ නෑ. ඒත් ආදරේ කළා. ඕනෙවටත් වඩා. දිනාල් ඉමාලිව අතින් අල්ලගෙන ගිහින් ත්‍රීවිල් එකකට ගොඩවෙනකොට එයාට තේරුණා වෙන්න යන දේ. ඒත් ඒකට විරුද්ධ වෙන්න තරම් හයියක් නම් තිබුණෙ නෑ. උගත් රූමත් චරිතවත් දියණියක් සමාජයට දායාද කරන්න ඉමාලිගෙ දෙමවුපියොමවපු හීන හෝටල් කාමරයක් ඇතුලෙ සුනු විසුනු වෙලා යනකොට ඉමාලිගෙ ඇස් වලට කඳුළු ඉනුවෙ ඒ දෙමවුපියො මතක් වෙලා නෙමෙයි. දිනාල්ගෙ හිතේ එයා ගැන කිසිම ආදරයක් නැති බව දැනිලා. හැමදාම ඉමාලි “ඔයා මට ආදරේද” කියලා අහනකොට සුරතලේට හිනාවෙලා “නෑ” කියන දිනාල් එදා නම් “චුට්ටක් ආදරෙයි” කියලා කිව්වා. ඒකත් ඉමාලිට මහමෙරක් වගෙයි දැනුණෙ. කවදා හරි දවසක දිනාල් තමන්ගෙ ආදරේ තේරුම් ගනියි කියලා තමයි එයා හිතුවෙ. ඒ දවස එනකල් හැමදෙයක්ම ඉවසගෙන ඉන්නවා කියලා හිතාගෙනයි ඉමාලි හිටියෙ. දිනාල්ගෙ වටේ කැරකෙන අනිත් කිසිම ගෑනු ළමයෙක් තමන් තරම් ආදරේ කරන්නෙ නැති බව ඉමාලි දැනගෙන හිටියා. කෙල්ලො ගැන ඕනෙවටත් වඩා අත්දැකීම් තිබුණ දිනාලුත් ඇතැම්විට පුදුම වුණා ඉමාලිගෙ හැසිරීම ගැන. ඒ වුණත් ඉමාලිගෙ ආදරේ ළඟ නතර වෙන්න තරම් නම් උළුමනාවක් කවමදාකවත් ඒ නොහික්මුණ හිතේ ඇති වුණේ නෑ. ඒ හින්දම තමයි ඉමාලි දිනාල් ගැන මවපු හීන බඳිලා ගියේ. හරියටම ඉමාලිගෙ දෙමවුපියො එයා ගැන මවපු හීන වගේ.

ඒක වුණෙත් හරිම ඉක්මනින්. ඉමාලිට හිත හදාගන්නවත් ඉඩක් නොතියා. දිනාල් ගැන ගෙදරට ආරංචි වුණේ කොහොමද කියලා අදටත් ඉමාලි දන්නෙ නෑ. දිනාල්ගෙ තුරුලට වෙලා මුළු දවසෙම ගත කරලා එයා ගෙදර යනකොට හොඳටම හවස් වෙලා. අම්මයි තාත්තයි දෙන්නා ගේ ඉස්සරහ වාඩිවෙලා හිටියෙ ඇස් පාරෙ තියාන.

“කොහෙද උඹ ගියේ” කියලා අම්මා අහනකොට ඉමාලි ඉස්සරහට තියපු අඩිය පස්සට ඇදුණා. තාත්තා හිටියෙ බිම බලාගෙන. “පන්ති” කියලා කියන්න ඉමාලි හිතුව ාවිතරයි එයාට ඒක කියා ගන්න තරම්වත් ඉඩක් ලැබුණෙ නෑ. ජීවිත කාලෙ කවදාවත් හඬ උස් කරලාවත් කතා නොකරපු සැරවැර නොකරපු නිය පිටින්වත් පාරක් නොගහපු අම්මා එදා ගහපු කම්මුල් පාරෙන් ඉමාලිගෙ සුදු කම්මුල රතුපාට වුණා. ඒ කම්මුල් පාරෙන් තමන්ට වේදනාවක් දැනුණා වුණත් ඒ වගේ දහස් ගුණයක වේදනාවක් වින්දෙ අම්මයි තාත්තයි බවඒ වෙලාවෙ වුණත් එයාට දැනුණා. ගෙයින් එළියට නෑහෙන්න අම්මා ඉවරයක් නැතිව දොස් දෙවොල් තිබ්බා. මොනවා වුණත් අම්මගෙයි තාත්තගෙයි මූණු බල බලා ඒ ගෙදර තවදුරටත් ඉන්න තරම් ශක්තියක් එයාට තිබුණෙ නෑ. ඒකයි දවස් දෙකකට පස්සෙ අම්මයි තාත්තයි ඉස්කෝලෙ යනකල් ඉඳලා රෙදි ටිකකුත් බෑග් එකක දාගෙන පාරටබ ැස්සෙ. ගෙදර ඉන්න බැරිකමට පාරට බැස්සා වුණත් යන්න තැනක් ගැන කිසිම අදහස් ඇගේ හිතේ තිබුණෙ නෑ. හොඳම යාළුවා වුණ ගයනිත් ඒ වෙනකොට ඉමාලිගෙන් ඈත් වෙලයි හිටියෙ. ඒකට හේතුව වුණෙත් ඉමාලිගෙ ආදරේම තමයි. ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නා දුන්නත් දිනාල්ගෙ වරදක් පිළිගත්තෙ නැති එකට ගයනි හිටියෙ කේන්තියෙන්. පන්තියට එන්නෙත් නැතුව දවස පුරාම හෝටල් කාමර ගානෙ ගෙවන ජීවිතේ ගැනත් ගයනි දැනගෙන හිටියා. ඒවා වුණත් යාළුවන්ට කියලා තිබුණෙ දිනාල්ම තමයි. “ඕකා හින්දා උඹට කවදාහරි බහින්න වෙන්නෙ පාරට තමයි.” කියලා ගයනි කියපු කතාව ඇත්ත වුණා නේද කියලා මතක් වෙනකොට නම් ගයනි ළඟට යන්න බෑමයි කියලා ඉමාලි හිතුවා. අන්තිමේදි මොන දේ වෙන්න හරි දිනාල් ළඟට යන්න ඕනෙ කියලා එයා තීරණය කළා.

දිනාල් එක්ක කතා කරනකොට වරින් වර කියවුණ මං සලකුණු ඔස්සෙ රෙදි බෑග් එකත් උස්සගෙන මූණ පුරා නැගෙන දාඩිය වැල් අතින් පිහ දදා එන ඉමාලිට අම්මලා මේ වෙනකොට පාසල් ඇරිලා ඇවිත් තමන්ව හොය හොයා දස අතේ දුවන හැටි මැවිලා පෙනුණා. දිනාල්ට කොතැනක වුණත් යාළුවන්ගෙ අඩුවක් තිබුණ නැති නිසා එයා හොයාගෙන කෙල්ලෙක් ගෙදරට එන ආරංචිය කොහෙන්දෝ ලැබිලා තිබුණා. ඉමාලි තමයි තමන්ව හොයාගෙන එන්නෙ කියලා නම් එයා කොහෙත්ම හිතුවෙ නෑ. මොකද ඉමාලි හැමදාමත් කළේ දිනාල්ට වදයක් කරදරයක් නොවෙන විදියට පැත්තකට වෙලා ආදරේ කරපු එකනේ. ඒකයි දිනාල් දුර එන ඉමාලිව දැකලා ඒ තරම් පුදුම වුණ්. හුස්මක්වත් ගන්න ඉස්පාසුවක් නොගෙන ඉමාලි දිනාල්ට විස්තරේ කිව්වා. “දැන් ඉතින් මේ ඇඳුම් බෑග් එකත් අරන් කොහෙ යන්නද හදන්නෙ.” කියලා දිනාල් අහකොට ඉමාලි අහසෙන් පොළවට වැටුණා. “මට නම් මේ වෙලාවෙ උදව්වක් කරන්න විදියක් නෑ. මට ඔයාව අපේ ගෙදර එක්ක යන්න විදියක් නෑ. ඇයිමම කියලා නැද්ද කවදාවත් කසාඳ බදින්නෙ නෑ කියලා. ඔය බැඳීම් කියන්නෙ මහ කරදරයක්.” අහක බලාගෙන දිනාල් කියාගෙන යද්දි, එතකොට අපි අතරෙ තිබුණෙ බැඳිමක් නෙමෙයිද කියලා ඉමාලිගෙ හිත කෑ ගහලා ඇහුවා. ඒත් එයාගෙ කටින් නම් එක වචනයක්වත් පිට වුණේ නෑ. දිනාල්ට පිටුපාලා ආපහු හැරිලා යනකොට ඉමාලිගෙ ඇස්වලින් එක කඳළක්වත් පිට වුණේ නෑ. හිතේ ඇතිවුණ දුක කොයි තරම්ද කියනවා නම් ඒ දුකට එයාගෙ කඳුළු ගල් වෙලා තිබුණා. පාරෙ ආපු බස් එකටඅත දැම්මෙ ඒක යන්නෙ කොහාටද කියලවත් දැනගෙන නෙමෙයි. ඒ බස් එක ගියේ කුරුණෑගල නගරයට. කුරුණෑගල නව බස් නැවතුමෙන් ඇඳුම් බෑග් එකත් උස්සගෙන බස් එකෙන් බහින ඉමාලිගෙ හිතේ කිසිම ඇඟීමක් තිබුණෙ නෑ. ඇති වෙන්න දෙයක්වත් නැති වෙන්න දෙයක්වත් නැති මනුස්සයෙක්ගෙ හිතේ හැඟීමක් ඇති වෙන්නෙ මොනවා ගැනද.?

පැය දෙක තුනක් බස් නැවතුම්පොළේ කණුවකට හේත්තුවෙලා හිටියා කියලා ඉමාලිට නොදැනුණාට ඈ අවට ගැවසෙන පුද්ගලයන්ට ඒක දැනිලා තිබුණා. වුවමනාවක් කරගන්න ටවුමට ආපු මිනිස්සු ඒ දේවල් කරගෙන ආපහු යන්න බස් එකකට ගොඩ වෙන්න එනකොටත් පිළිමයක් තිබ්බා වගේ යනකොට හිටපු තැනම එකම විදියට හිටගෙන ඉන්න ගෑණු ළමයා මොකක් හෝ අකරතැබ්බයකටමූණපාලා බව කසු කුසු ගෑවා. ලෝකෙ මොනතරම් දේවල් වෙනස් වුණත් හැමදාම එකම විදියට පායන බහින ඉර තමන්ගෙ රාජකාරිය හරියට ඉටුකරමින් හිටියා. දවස නිමාවෙ මිනිස්සු හැමෝම වගේ තමන්ගෙ ගෙවල්වලට කූඩු වෙන්න ලහි ලහියෙ දුවමින් හිටියා. ඒත් කැදැල්ල අහිමි කරගත් කිරිල්ලියක් බස් නැවතුමේ කොනක තනිවෙලා හිටියා. ඒක පෙනුණෙ කාගෙ හෝ අසරණකමින් තමන්ගෙ පහත් ආශාවන් සපුරා ගන්න මාන බලමින් හිටපු කාමාතුරයන් දෙතුන් දෙනෙකුට මිසක් දෙවියන්ට බුදුන්ට නෙමේ.

ඒ පිරිමි කාණ්ඩෙ දෙතුන්දෙනෙක් හිටියා. “මොකද නංගි උදව්වක් ඕනෙද” කියලා අහපුවාම ඔළුව උස්සලා බැලුවෙ අම්මා තාත්තා ඇගේ මූණෙ තියාගෙන හදපු දූ සිගිත්තවත් මුළු ලෝකෙටම වඩා දිනාල්ට ආදරේ කරපු ඉමාලිවත් නෙමෙයි. ජීවත් වෙන්න කිසිම කිසි අරමුණක් නැතුව පාරෙ අතරමං වුණ අසරණ අනාථ කෙල්ලෙක්. ඈට ඕන වුණේ පළිගන්න. තමාගෙන්ම. ඒකයි බෑග් එකත් උස්සගෙන ගිහින් තමන් ඉදිරියේ නතර කරපු ත්‍රිරෝද රථයට නැංගෙ. ඒ ත්‍රීරෝද රිය ඉමාලිව හීනෙන්වත් යන්න අපේක්ෂා නොකරපු ජීවිතයකට අරගෙන ගියා. “නංගි ඔයා තාම අලුත්. පාරෙ චාටර් වෙන්න එපා අපි හොඳ තැනකට ඔයාව භාර දෙන්නම්.” කියපු ඒ කරුණාවන්ත අයියලා දවස් එකහමාරකට පස්සෙ ඉමාලිව හෝටල් හිමිකාරුවෙකුට බාර දුන්නා. හෝටල් හිමිකාරුවා මිට මොළවපු නෝට්ටු කිහිපයක් අතේ ගුළිකරගෙන ඒ මිනිස්සු ආපහු හැරිලා බලන්නෙවත් නැතුව යන්න ගියා. එදයින් පස්සෙ කවදාවත් තමන් කරන්නෙ මොනවද කියලා මොහොතකටවත් ඉමාලි හිතුවෙ නෑ. හෝටල් හිමිකරුවා කමරයට එනව ගනුදෙනුකරුවා මොන විදියෙ කෙනෙක්ද කියලා හොයලා බැලුවෙත් නෑ. ඒ කිසිම කෙනෙක් එක්ක වචනයක්වත් කතා කළේ නෑ. සමහර නම් ආපහු ගියා ඈට බැණ බැණා. ඒත් සිවිලිම දිහා බලාගෙන ඉන්නවට වඩා වැඩි දෙයක් කවදාවත් ඈ කළෙත් නෑ.

ඉමාලිගෙ අලුත් ජීවිතේට සති දෙකක්වත් ගත වුණේ නෑ ඈට ජයතුංග මහතා මුණ ගැහෙනකොට. ජයතුංග නහෝටල් කාමරයට ආවෙ අනිත් මිනිස්සු වගේ විනාඩි දහයක පහළොවක වුවමනාවකට නෙමෙයි. තමන් ගෙවන්නෙ ධනවත් වූත් නිස්සාර වූත් ජීවිතේ ගැන කතා කරන්න කෙනෙක් හොයාගන්න. ඒකට ගණිකාවක්ම හොයාගනෙ එන්න හේතුව මොකක්ද කියලා නම් ඉමාලි ඇහුවෙ නෑ. ඒත් ජයගුංගත් එක්ක තමාට සිද්ධ වුණ දේ කියන්න තරම් ඇගේ හිත මොළොක් වෙලා තිබුණා. ඔක්කොම අහගෙන ඉඳපු ජයතුංග ඉමාලිගෙ හිසට අත තියනකොට ඈට දැනුණෙ සැනසීමක් වගේ හැඟීමක්.

තමන්ගෙ සිත සැහැල්ලු කරගන්ඩ ආප ජයතුංග ආපහු ගියේ හිමාලිගෙ බරත් හිසේ දරාගෙන. තමාගේ පියාට ආසන්න වයසක හිටිය ඒ පුද්ගලයා ගැන විශ්වාසයකට ආසන්න හැඟීමක් හිමාලිගෙ හිතේ ඇති වෙලා තිබුණා. ඒත් ඒ තරම් ඉක්මනට ඒ අපායෙන් මිදිලා එන්න පුළුවන් වෙයි කියලා ඇය හිතුවෙ නෑ.

මහනුවර නගරයේ පිහිටා තිබුණ මේ මල් සාප්පුවෙ වැඩට ඉමාලි ආවෙ ඒ විදියට. සාප්පුව අයිති කරුණාවන්ත නෝනා ජයතුංගගෙ පාසල් යෙහෙළියක්. ජයතුංගගෙ මිතුරියකගෙ දියණියක් ලෙස හඳුන්වාදීපු හිමාලිව ඒ තැනැත්තිය වැඩට ගත්තෙ ඉතා සතුටින්. ඇයටත් විශ්වාසවන්ත තරුණ ගෑනු ළමයෙක් සේවයට ගන්න අවශ්‍යතාව කලක ඉඳලම තිබුණත් ඒකට සුදුසු කෙනෙක් ලැබිලා තිබුණෙ නෑ. තමන්ට දරුවොත් නොහිටපු නිසා ඉමාලිව තමන්ගෙ ගෙදරම නවත්ත ගන්නත් ඇය තීරණය කළා. හැමදේම මේ තරම් හොඳින් සිදුවුණේ පෙර ආත්මයක තරමන් කරපු මොකක් හරි පිනක් නිසා කියලා ඉමාලි හිතුවා. සාප්පුවේ වැඩකරපු අනවිත් තරුණියත් උදව්වට හිටපු පිරිමි ළමයත් ඇයට බොහෝ හිතවත් වුණා. ගණිකාවක් හැටියට සමාජය ඉඳිරියේ හංවඩු ගැහෙන්න නියමිතව සිටි ඉමාලිව ඉන් මුදවා ගත්තේ කරුණාවන්ත හදවතක් ඇති මහත්මයෙක්. දෙමාපියන්ගේ සෙවණේ මලක් වගේ හැදෙමින් ඉඳලා දෙමාපියන්ටත් වඩා තමන්ට ආදරය කරපු ඒ අහිංසක කෙල්ලව එවැනි තත්වයකට පත්වීෆම් මාර්ගය විවර කරලා දුන්නෙ ඒ මහත්මාගේම නියෝජනයක්. සිද්ධ වුණු හැමදේටම තමන්ම මිසක් වෙන කවුරුවත් වග කියන්න ඕන කියලා ඉමාලි අදටත් හිතන්නෙ නැහැ. පෙරදා හවස තමන්ගෙ බිරිය කර ගන්න ඉන්න යුවතියක් එක්ක මල් සාප්පුවට ගොඩවුන දිනාල්ව දකිනකම් ඉමාලිවත් දැනගෙන හිටියෙ නෑ තාමත් ඈ එදා වගේම ඔහුට ආදරේ කරන බව. ආදරේ ගැන එක් එක් පුද්ගලයා ළඟ තියෙන වෙනස් වෙනස් නිර්වචන. ගෑනු ළමයින්ව සෙල්ලම් බඩු වගේ පාවිච්චි කරලා ඉවත් කරන දිනාල් ලගත් ඒ වගේ කොල්ලෙකුට වුනත් පණ දෙවැනි කරගෙන ආදරේ කරන ඉමාලි ළඟත් එවැනි නිර්වචන තිබෙන්නට ඇති බව නොඅනුමානයි. නමුත් සමාජය ඉදිරියේ පවතින නොවිසඳුන ගැටළුව වන්නේ “ජයතුංග කෙනෙකු මුණ නොගැසුන ඉමාලිලා හට උරුම වන අනාගතය කෙබන්දක් ද යන්නයි.”

සත්‍ය කතාවකි. සියළු නම් ගම් මනංකල්පිතය.


good night 

Ayesha alahakoon



ආදරය 

Saturday, October 27, 2012

Friday, October 26, 2012

Testing Post

Testing Post.....
ආදරේ සොඳුරු ගිමන්හල...
ආදරේ සොඳුරු ගිමන්හල...
ආදරේ සොඳුරු ගිමන්හල...




 

Sample text

Sample Text